ඉම්රාන් ඛාන්ට නඩු 12කට ඇප

සටහන:සශිකලා මධුෂාණි, පෙබරවාරි 10,

ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට සිරගතකර සිටින පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට මැයි 9 වැනිදා හමුදා ස්ථාන වෙත එල්ල වූ ප්‍රහාරවලට සම්බන්ධ නඩු 12 ක් සම්බන්ධයෙන් ඇප ලබා දී ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් ඉම්රාන් ඛාන් රාජ්‍ය රහස් හෙළි කිරීම ආදී ප්‍රධාන නඩු 4කට වරදකරුව ඇති බැවින් තවදුරටත් සිරගතව සිටිනු ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා (8) පකිස්ථානයේ පත්වූ මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත්ව ඇති අතර ඉම්රාන් ඛාන්ගේ පක්‍ෂයේ සහාය ලබන ස්වාධීන මන්ත්‍රීවරුන් ජාතික සභාවේ ආසන 100කට ආසන්න ප්‍රමාණයක් දිනා ගැනීමෙන් දිනකට පසුව මෙම අධිකරණ නියෝගය නිකුත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නාවික සහ ධීවර ප්‍රජාවට විශේෂ දැනුවත් කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉදිරි පැය 12ට වලංගු වෙන පරිදි බෙංගාල...

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...