ඛාන් ආසන බහුතරය දිනන විට ෂරීෆ් හා බූතෝ සන්ධානගත වේ

Date:

සටහන – සශිකලා මධුෂාණී

පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් ආසන 101ක් දිනා පළමු තැනට පත් වීමෙන් අනතුරුව, මැතිවරණයෙන් පසු සහයෝගයෙන් කටයුතු කිරීමට පාකිස්තානයේ දෙවන සහ තුන්වන දේශපාලන කණ්ඩායම් එකඟ වී ඇති බව වාර්තා වේ.

එනම්, හිටපු අගමැති නවාස් ෂරීෆ් ( PMNL) හා බිලාවල් භූතෝ සර්දාරි (PPP) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දේශපාලන ස්ථාවරත්වය ගෙන ඒම සඳහා එකට වැඩ කිරීමට සැලසුම් කර ඇති බවයි.

පාකිස්තානයේ ජාතික සභාවේ ආසන 366 න් 266 ක් සෘජු ඡන්දයෙන් තීරණය වන අතර 70 ක් කාන්තාවන් සඳහා 60 ක් සහ මුස්ලිම් නොවන අය සඳහා 10ක් වෙන් කර ඇති අතර මේවා සභාවේ එක් එක් පක්ෂවල ශක්තිය අනුව වෙන් කරනු ලැබේ.

පකිස්ථානයේ නීතිරීතිවලට අනුව ස්වාධීන අපේක්ෂකයින්ට පාර්ලිමේන්තුවේ ආසන වෙන් කිරීමට සුදුසුකම් නොමැති අතර ඉම්රාන් ඛාන්ගේ පක්ෂ මන්ත්‍රීවරුන් බහුතරයක් ස්වාධීන අපේක්ෂකයන් ලෙස මැතිවරණයට ඉදිරිපත්ව ඇත.

පකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ, අවම වශයෙන් ජාතික සභා ආසන 18ක ප්‍රතිඵල මැතිවරණ නිලධාරීන් විසින් ව්‍යාජ ලෙස වෙනස් කර ඇති බවට ඉම් රාන් ඛාන්ගේ (PTIපක්ෂය චොදනා කර ඇති බවයි

මේ වන විට ඉම්රාන් ඛාන්ගේ අනුගාමිකයන් කෝපයට පත් වී ඇති ඔවුන් රට පුරා විරෝධතා පවත්වමින් සිටියි.

පිරිස විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් වට කිහිපයක් භාවිත කර තිබූ අතර පන්ජාබ් පොලිසිය බීබීසීයට පැවසුවේ 144 වැනි වගන්තියක් ක්‍රියාත්මක වන බවයි.
මෙය යටත් විජිත යුගයේ නීතියක් වන අතර එය පුද්ගලයන් හතර දෙනෙකුට වඩා රැස්වීම තහනම් කිරීමට ඊට බලය ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...