ඛාන් ආසන බහුතරය දිනන විට ෂරීෆ් හා බූතෝ සන්ධානගත වේ

Date:

සටහන – සශිකලා මධුෂාණී

පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් ආසන 101ක් දිනා පළමු තැනට පත් වීමෙන් අනතුරුව, මැතිවරණයෙන් පසු සහයෝගයෙන් කටයුතු කිරීමට පාකිස්තානයේ දෙවන සහ තුන්වන දේශපාලන කණ්ඩායම් එකඟ වී ඇති බව වාර්තා වේ.

එනම්, හිටපු අගමැති නවාස් ෂරීෆ් ( PMNL) හා බිලාවල් භූතෝ සර්දාරි (PPP) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දේශපාලන ස්ථාවරත්වය ගෙන ඒම සඳහා එකට වැඩ කිරීමට සැලසුම් කර ඇති බවයි.

පාකිස්තානයේ ජාතික සභාවේ ආසන 366 න් 266 ක් සෘජු ඡන්දයෙන් තීරණය වන අතර 70 ක් කාන්තාවන් සඳහා 60 ක් සහ මුස්ලිම් නොවන අය සඳහා 10ක් වෙන් කර ඇති අතර මේවා සභාවේ එක් එක් පක්ෂවල ශක්තිය අනුව වෙන් කරනු ලැබේ.

පකිස්ථානයේ නීතිරීතිවලට අනුව ස්වාධීන අපේක්ෂකයින්ට පාර්ලිමේන්තුවේ ආසන වෙන් කිරීමට සුදුසුකම් නොමැති අතර ඉම්රාන් ඛාන්ගේ පක්ෂ මන්ත්‍රීවරුන් බහුතරයක් ස්වාධීන අපේක්ෂකයන් ලෙස මැතිවරණයට ඉදිරිපත්ව ඇත.

පකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ, අවම වශයෙන් ජාතික සභා ආසන 18ක ප්‍රතිඵල මැතිවරණ නිලධාරීන් විසින් ව්‍යාජ ලෙස වෙනස් කර ඇති බවට ඉම් රාන් ඛාන්ගේ (PTIපක්ෂය චොදනා කර ඇති බවයි

මේ වන විට ඉම්රාන් ඛාන්ගේ අනුගාමිකයන් කෝපයට පත් වී ඇති ඔවුන් රට පුරා විරෝධතා පවත්වමින් සිටියි.

පිරිස විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් වට කිහිපයක් භාවිත කර තිබූ අතර පන්ජාබ් පොලිසිය බීබීසීයට පැවසුවේ 144 වැනි වගන්තියක් ක්‍රියාත්මක වන බවයි.
මෙය යටත් විජිත යුගයේ නීතියක් වන අතර එය පුද්ගලයන් හතර දෙනෙකුට වඩා රැස්වීම තහනම් කිරීමට ඊට බලය ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...