ප්‍රගතිශිලි රටකට ගැලපෙන ලෙස කටයුතු කරන්න – පාකිස්තානයේ හමුදා ප්‍රධානී Gen. Syed Asim Munir 

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 11 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරුන් දෙදෙනාම මැතිවරණ ජයග්‍රාහණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එකමුතුව කටයුතු කරන ලෙස එරට හමුදා ප්‍රධානියා ඔවුන්ගෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ.

පසුගිය බ්‍රහස්පතින්දා දින පැවති පාකිස්තාන මහ මැතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළ බව හිටපු අග්‍රාමාත්‍යවරුන් වන නවාස් ෂරීෆ් හා ඉම්රාන් ඛාන් නිවේදනය කරනවා.

කෙසේ වුවද කිසිදු අපේක්ෂකයෙකුට එරට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමිව නැහැ.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට පක්ෂ පාත ස්වාධීන අපේක්ෂයකින් වැඩි ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

එහෙත් පාකිස්තාන හමුදා සහාය හිමි හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් කුඩා පක්ෂවලට තමා සමග එක්වන ලෙස ආරාධනා කර ඇති බව වාර්තා වේ.

මිලියන 250ක් වන පාකිස්තාන වැසියන් ඉදිරියේ පරිණත භාවයෙන් හා එකමුතුව කටයුතු කරන ලෙස පාකිස්තාන හමුදා ප්‍රධානියා සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී.

ඔහු ඉල්ලා සිටින්නේ, ප්‍රගතිශිලි රටකට ගැලපෙන ලෙස කටයුතු කරන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...