ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් සඳහා සාකච්ඡා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 14 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් සඳහා වූ සාකච්ඡා කයිරෝ නුවරදී යළි ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු ගාසා නගරය වන රෆා වෙත බෝම්බ හෙලීම නැවැත්වීමට බල කරමින් ඊශ්‍රායලය දැඩි ජාත්‍යන්තර පීඩනයකට මුහුණ දී ඇති බවද වාර්තා වේ.

ඒ සඳහා එක්සත් ජනපදය, ඊශ්‍රායලය, ඊජිප්තුව සහ කටාර් යන රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්වී සාකච්ඡා පවත්වන බව සඳහන්වේ.

ඊශ්‍රායලය එල්ල කිරීමට නියමිත ගොඩබිම් ප්‍රහාරයක භීතිය මධ්‍යයේ මිලියන 1.5 ක පමණ ජනතාවක් මෙම කුඩා දේශසීමා නගරයට හිරවී සිටින බවද විදෙස් මාධ්‍ය වර්තා කරයි.

කෙසේ වෙතත් ඊශ්‍රායල අගමැති පසුගිය සතියේ හමාස් සංවිධානය විසින් ඉල්ලන ලද සටන් විරාම යෝජනා ප්‍රතික්ෂේප කර ඇති අතර, මාස කිහිපයක් ඇතුළත ගාසා තීරයේ ජයග්‍රණය ඊශ්‍රායලය සතු කරගත හැකි බව, Benjamin Netanyahu පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජපෙටයි සමඟිටයි තවත් නම් දිනන්න බැහැ. අපි අලුත් වැඩක් හදනවා – චම්පික

කොළඹ LNW: සංවර්ධනය වෙන එමෙන්ම දුෂණය නැති රටක් වෙනුවෙන්...

උදය ගම්මන්පිලත් අත්අඩංගුවට ??

නීතීඥ අචලා සෙනවිරත්න විසින් කරන ලද පැමිණිල්ලක් අනුව හිටපු...

තැපැල් වර්ජනය:සේවක ඉල්ලීම් 19න් 17ක්ම දීලා. සේවයට වාර්තා කරන අයට ආරක්ෂාව සපයයි

කොළඹ LNW: තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ...

කළු සල්ලි ජාවාරමක් පිළිබඳව රනිල්ට එරෙහිව CIDයට පැමිණිල්ලක් ?

කොළඹ නෙළුම් කුලුනේ කැසිනෝ ශාලාවක් පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු...