ජනාධිපති රනිල් හමු වූ සමන්තා පවර්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 14 කොළඹ (LNW): යූඑස් ඒඩ් ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ගැන අදහස් හුවමාරු කරගෙන තිබේ.

නිවේදනයක සඳහන් වන්නේ, එහිදී ඇය මෙරට ආර්ථික අභියෝගයන් ජයගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බවට පොරොන්දු වූ බවයි.

ප්‍රජාතාන්ත්‍රික පාලනය, උපදේශාත්මක නීති ක්‍රමවේදයක ඇති වැදගත්කම යන කරුණු සම්බන්ධයෙන් ද ඔවුන් අදහස් හුවමාරු කරගෙන තිබුනු අතර, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ රැස්වීම යන අංශ කෙරෙහි අමෙරිකාව සිය සහාය දෙන බව පෙන්වාදී ඇති පවර් මහත්මිය, ජනපති වික්‍රමසිංහ මහතාට පවසා ඇත්තේ ඔන්ලයින් පනත ගැන මතුව ඇති ගැටලු සහ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ට ඇතිවන බලපෑම සම්බන්ධයෙන් සොයා බලන ලෙසය.

ඇය තව දුරටත් ඉල්ලා තිබුණේ, එමෙන්ම එම පනත මගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ද අවධානය යොමුකරන ලෙස‍යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...