ප්‍රශ්න විසදන්නැයි බල කරමින් හෙද හෙදියෝ පාරට! අමාත්‍යාංශයේ ආරක්ෂාවට පොලීසිය!(PHOTOS)

කොළඹ LNW: සමස්ත ලංකා හෙද සංගමය විසින් අද (14) කොළඹදී දැවැන්ත විරෝධයක් සංවිධානය කර තිබුණේ දිගින් දිගටම හෙද සේවය මුහුණ දී සිටින ගැටලුවලට විසඳුම්ඉල්ලමින්ය.

ජාතික රෝහල ඉදිරිපිටින් සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා විරෝධතා පාගමනක් ද සංවිධානය කර තිබුණු අතර අමාත්‍යාංශය ඉදිරිපිටදී ඔවුන් උද්ඝෝෂණයේ නිරත විය.

මේ වන විට සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය විසින් ක්‍රියාත්මක කර තිබෙන වැඩ වර්ජනය සමඟ එක් නොවුණද එම වෘත්තීය ක්‍රියාමාර්ගය වෙතද ඔවුන් සහය පළකර තිබේ.

උද්ඝෝෂණය පැවති අවස්ථාවේ අමාත්‍යාංශය ඉදිරිපිට ආරක්ෂාවද දැඩි කර තිබෙන අයුරු දක්නට ලැබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...