පොලිස් කොස්තාපල්වරයාගේ නොමනා හැසිරීමට වසර 07ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 14 කොළඹ (LNW): ලිංගික අතවර කළ පොලිස් කොස්තාපල්වරයෙකුට වසර 07ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර ඇත. මෙසේ අතවර කර තිබුණේ අවිවාහක කාන්තාවකට බව පොලිසිය පවසයි.

එම වින්දිත කාන්තාවට රුපියල් 500,000ක වන්දියක් ගෙවන ලෙසත්, රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙසත් එම වරදකරුට නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසුරිය මහතා ඊයේ  නියෝග කළා.

මෙසේ බරපතළ වැඩ සහිතව සිරදඬුවම් සහ දඩ මුදල් ගෙවන ලෙසට නියම කරනු ලැබුවේ නුවරඑළිය පොලිස් කොට්ඨාශයට අයත් හයිෆොරස්ට් පොලිස් ස්ථානයේ සේවය කළ ලක්ෂ්මන් සාලිය බණ්ඩාර විරසිංහ නැමති අයෙකුට එරෙහිවයි.

එම සිර දඬුවමට අමතරව දඩ මුදල් ගෙවිමට අපොහොසත් වුවහොත් සිර දඬුවම තවත් වසර තුනකින් දිර්ඝ කිරීමටත් නියෝග කර ඇත.

2019 වසරේදී එම පුද්ගලයා හයිෆොරස්ට් පොලිස් ස්ථානයේ සේවය කරන අතරතුර එම කාන්තාවට ලිංගික අතවර කළ බවට චෝදනා කරමින් 2019 වසරේදී ඔහුට එරෙහිව නුවරඑළිය මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරුනු අතර , එම චෝදනාව යටතේ පොලිස් දෙපාර්තුමේන්තුව විසින්ද පොලිස් කොස්තාපල්වරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවා මුලික විමර්ශනයක් සිදුකර පසුව එම පොලිස් කොස්තාපල්වරයා ඉදිරිපත් කළ අභියාචනාවක් සලකා බලා ඔහුව එම පොලිස් ස්ථානයේම සේවයේ පිහිටුවා තිබුණු බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...