ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව බුද්ධිමත් තීරණයක් ගනීවි – වඩිවේල් සුරේෂ්

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 15 කොළඹ (LNW): හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වටවල රොසැල්ල ගනේෂා දමිල මහා විද්‍යාලයේ පැවති උත්සවයකට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින්,සමගි ජනබලවේගයේ පා.ම වඩිවේල් සුරේෂ් මහතා පැවසූවේ, වතුකරයේ ජනතාව ආර්ථිකමය වශයෙන් පහට මට්ටමක සිටියත් ඔවුන් බුද්ධිමත් බවත්, එම නිසා ජනාධිපතිවරණයේදි ඔවුන් හොද තිරණයක් ගන්නා බවයි.

අනතුරුව මාධ්‍යට අදහස් දැක් වු වඩිවේල් සුරේෂ් මහතා කියා සිටියේ,

” ජනාධිපතිවරයත් කියනවා ජනාධිපතිවරණය තියනවා කියලා , මැතිවරණ කොමසාරිවරයා ව්‍යාවස්ථාන අනුව කටයුතු කරයි කියලා මම හිතනවා, ඔක්තොම්බර් මස වෙද්දි තමයි ව්‍යාවස්ථාන අනුව නව ජනාධිපතිවරයෙක් පත් වෙන්න ඕනි, රට දැන් ආර්ථික වශයෙන් ගැටළු වලට මුහුණ දිලා තියෙන අවස්තාවක් ඒ නිසා පාට පක්ෂ භේද අමතක කරලා සියළු දෙනා එකතු වෙලා සුදුසු කෙනෙක් ජනාධිපතිවරයා වශයෙන් තොරාපත් කර ගන්න අවශ්‍යයි, එහෙම නැතුව දේශපාලන වාසි වෙනුවෙන් කටයුතු කලොත් රට වැටෙනවා ආයේ.

පාකිස්ථානයට වෙලා තියෙන දේ පේනවනේ ? මේ රටේ ජනාධිපති කෙනෙක් වෙන්න 51% ක් ජන්ද ලබා ගන්න ඕනි , පක්ෂ වලට බෙදිලා ඡන්ද කෑලි කඩන්නේ නැතුව හැමෝම එකතු වෙලා එක් ජනාධිපතිවරයෙක් තෝරාපත් කර ගන්න අවශ්‍යයි’ ලෙඩ හෙතෙම කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැමියාට සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ NPP මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි!

කොළඹ LNW:සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාළ...

බ්‍රිතාන්‍යයේ ධනවත්ම පවුලේ ලොක්කාගේ නික්ම යෑම – Gopichand Hinduja

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW): බ්‍රිතාන්‍යයේ ධනවත්ම...

මගේ අපේක්ෂාව 13 බලාත්මක කිරීමයි – සජිත් ඉන්දියාවේදී කියයි

කොළඹ LNW:13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම...

Cinnamon Life at City of Dreams සමඟ What’s Your Colombo?

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකා නිර්මාණ...