පළමුවරට රබර් අස්වනු සහායකයින්ට NVQ-3 සහතික!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 16 කොළඹ (LNW): කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ඉල්ලීමක් අනුව, රබර් කර්මාන්තය ආශ්‍රිතව රබර් කිරි කැපීමේ හෙවත් රබර් අස්වනු සහායකයින්හට ජාතික වෘත්තිය නිපුණතා සහතික ලබා දීමට ජාතික ආධුනිකත්ව මණ්ඩලය විසින්  පියවර ගෙන ඇත.

ඒ අනුව අප රටේ පළමු වරට රබර් අස්වනු සහායකයින් ලෙස  කටයුතු කළ 169කට NVQ-3 සහතික පත් ප්‍රදානය කිරීම ඊයේ (15) අගලවත්ත රබර් පර්යේෂණ ආයතනයේ දී සිදු වූ බව සඅහන් වේ,

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සහතික පත් ප්‍රදානය සිදු කෙරුණු අතර එම අවස්ථාවට රබර් පර්යේෂණ මණ්ඩලයේ සභාපති ලක්ෂ්මන් අබේගුණසේකර, ජාතික රබර් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරින් රැසක් සහභාගි වී ඇත.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී තම අදහස් පළ කර ඇත.

“අප රටේ රබර් ගස් මිලියන 35ක් තිබෙනවා. ඉන් රබර් කිරි කැපීම සිදු කරන්නේ මිලියන 17ක පමණයි. ඉතිරි රබර් ගස් මිලියන 18ක අස්වනු නෙලා ගන්නේ නැහැ. අපේ රටේ ක්‍රේප් රබර් දැනට ලෝකයේ  තිබෙන හොඳම රබර් ලෙස සළකනවා.වාර්ෂිකව රබර් අපනයනයෙන් අපේ රටට ඇමරිකානු ඩොලර්  මිලියන 1000ක් ලැබෙනවා.නමුත් මෙම ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 2000ක් දක්වා ඉහළ නැංවීමට අපිට හැකියාව තිබෙනවා. පහත තෙත් කළාපයේ විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ රබර් වගා කර තිබෙන ඉඩම් බහුතරයකින් නිසි අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. ඊට හේතු කිහිපයක් තිබෙනවා.

එකක් මෙම ප්‍රදේශයට නැරන්තරයෙන් ලැබෙන වැස්ස. අනික් කාරණය ශ්‍රම හිඟය. මේ නිසා රබර් කිරි කැපීමට නව තාක්ෂණය හඳුන්වා දීම සිදු කළ යුතුයි.ඒ වගේම මෙම ප්‍රදේශවල තවදුරටත් රබර් වගාව ව්‍යාප්ත කළ යුතු ද යන්න සම්බන්ධවත් රබර් පර්යේෂණායතනය සිතා බැලිය යුතුයි.ඒ වෙනුවට වියලි කලාපයේ මොනරාගල, අනුරාධපුර, පොලොන්නරුව, අම්පාර වැනි ප්‍රදේශවලට රබර් වගාව ව්‍යාප්ත කළ හැකියි. අද මෙම රබර් අස්වනු සහායකයින්හට ජාතික නිපුණතා සහතික ලබා දුන්නා.ඒක ඉතාමත් හොඳයි.

මීට අමතරව තල්, කිතුල්, හා පොල් කර්මාන්තය ආශ්‍රිතව රා මඳින හා ගෙඩි කඩන පුද්ගලයින්ටත් මෙම NVQ-3 සහතිකපත් ලබා දීමට අපිට හැකි වුණා.” එම කර්මාන්තයේ යෙදෙන පුද්ගලයින්ට මෙවැනි පුහුණුවක් සමග සහතික පත් ලැබීම නිසා ඔවුන්ට විදේශගත වී ආදායම් ඉපයීමටත් අවස්ථාවක් ලැබෙනවා.”

යැයි ද අමාත්‍යවරයා එහිදී කියා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...

රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරයි !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...