වෙළඳ මූල්‍යකරණයට ජාත්‍යන්තර ඩිජිටල් යාන්ත්‍රණයන් හඳුන්වා දීමේ සැලස්මක්!

Date:

කොළඹ LNW:ජාත්‍යන්තර වෙළඳ ආර්ථිකයන් සමඟ ගමන් කරන ශ්‍රී ලාංකේය ව්‍යාපාරික හා බැංකු ක්ෂේත්‍රයන් වෙත වෙළඳ මූල්‍යකරණයට අදාළ ජාත්‍යන්තර ඩිජිටල් යාන්ත්‍රණයන් පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් පෙබරවාරි 17 වෙනිදා කොළඹදී පැවැත්වෙන බව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව නිවේදනය කරයි.

වෙළඳ මූල්‍ය අධ්‍යාපනයේ ලොව ප්‍රමුඛයා ලෙස සැලකෙන සිංගප්පූරුවේ ICC ඇකඩමිය සහයෝගය ඇතිව සංවිධානය කෙරෙන මෙම වැඩමුළුවේ ප්‍රධාන පුහුණු කරු ලෙස බැංකු වෙළඳ මූල්‍යකරණයේ දශක දෙකක අත්දැකීම් ඇති ටැට් යීන් යැප් (Tat Yeen Yap) මහතා සහභාගි වනු ඇත.

වෙළඳ ඩිජිටල්කරණය පිළිබඳ විශ්ලේෂණයක් සමගින් UCPDC,URDG සහ ISBP ඩිජිටල් යෙදවුම් පිළිබඳ මෙරට වෙළඳ,වාණිජ හා බැංකු ප්‍රජාව දැනුවත් කරමින් වෙළඳ මූල්‍ය පිළිබඳ මෙම වැඩමුළුව පැවැත්වෙන බවයි ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයට අනුබද්ධ ශ්‍රී ලංකා කාර්යාලයේ සභාපති නීතිඥ ශනිල් ප්‍රනාන්දු මහතා පවසන්නේ.

මෙම වැඩමුළුවේදී ශ්‍රී ලංකාවට විශේෂිත වූ බැංකු කටයුතු,ජාත්‍යන්තර බැංකුකරණය,වෙළෙඳ මූල්‍ය සහ මූල්‍ය රෙගුලාසි පිළිබඳ වන ගැටලු කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බවද ශනිල් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම වැඩමුළුව පිළිබඳ වැඩිදුර විස්තර 0719233078 හෝ 2494647 දුරකථන ඔස්සේ ලබාගත හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රු. ලක්ෂ 100ක මූල්‍යමය පරිත්‍යාගයක් ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාවගෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : රට පත්වී තිබෙන...

ඝාතනයක් යැයි සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : බඩල්කුඹුර පොලිස වසමට...

කොත්මලේ වේල්ල ගැන කටකතා පැතිරු පුද්ගලයාට වැඩ වරදියි

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:කොත්මලේ වේල්ල පුපුරා යන බවට අසත්‍ය කටකතාවක්...