09 වැනි දිනයටත් ඊයේ (09) රාත්‍රියේ කොහුවල හන්දියේ දී රටේ වත්මන් පාලනයට එරෙහිව ජනතා විරෝධය පැවැත්වුණා.
ඉටි පන්දම් දල්වාලමින්, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් එම විරෝධය සංවිධානය කර තිබුණු අතර මේ වන විට රටේ පවතින ඉන්ධන, විදුලිය අර්බුදය ඇතුළු ජනතාව පීඩාවට පත්කර තිබෙන ආර්ථික, දේශපාලන කාරණා කෙරෙහි අවධානය යොමුකරමිනුයි මෙම පිරිස අඛණ්ඩව සිය විරෝධය පවත්වනු ලබන්නේ.
රටේ වැරදි පාලනය හේතුවෙන් ජනතාව පීඩාවට පත්කරමින් තිබෙන කාරණා තවදුරටත් ඉවසා නොසිට ඊට විරෝධය දක්වන ලෙසයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ASK