සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි, 17 කොළඹ (LNW): අස්වැසුම දෙවැනි අදියර සඳහා අයැදුම්පත්ර ඉදිරිපත් කිරීමේදි හැඳුනුම්පත අනිවාර්ය කර ඇතැයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න පවසයි.
මෙම පියවර ගෙන ඇත්තේ, එකම පුද්ගලයා අයැදුම්පත්ර කිහිපයක් ඉදිරිපත් කිරිම වැළැක්වීමේ අරමුණින් බව පැවසේ.
පළමු අදියර යටතේ හැඳුනුම්පත අනිවාර්ය කර නොතිබූ බවද ඔහු සඳහන් කළ අතර, අස්වැසුම දෙවැනි අදියර සඳහා ලබන මස 15 වැනිදා දක්වා අයැදුම්පත් භාරගන්නා බවද පැවසීය.