හිටපු ඇමතිනියගේ සුඛෝපභෝගී මෝටර් රථයට යටවුණු පුද්ගලයෙකු මරුට !

Date:

නැගෙනහිර පළාත් සභාවේ හිටපු ඇමතිනී ආරියවතී ගලප්පත්ති මහත්මිය ගමන් ගත් සුඹෝපභෝගී මෝටර් රථයේ හැපීමෙන් අද (17) උදෑසන දඹුල්ල – පැල්වැහැර ප්‍රදේශයේදී පුද්ගලයකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ නාඋල, පෙනෙලබොඩ ප්‍රදේශයේ පදිංචි 39 හැවිදිරි පුද්ගලයෙකි.

ඔහු පැල්වැහැර ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින හෝටලයක සේවය කළ අයෙකු වන අතර රාත්‍රී වැඩමුරය අවසන් වී නිවෙස බලා යාමට මාර්ගයට පැමිණි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී ඇති බව සඳහන්.

හිටපු පළාත් සභා අමාත්‍යවරිය ත්‍රිකුණාමලයේ සිට අවමගුල් උත්සවයකට සහභාගී වීම සඳහා කොළඹ බලා ගමන් ගනිමින් සිට ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී ඇයගේ මෝටර් රථය තමන්ගේ මංතීරුවෙන් නොව ප්‍රතිවිරුද්ධ මංතීරුවෙන් ගමන් කර ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව වාර්තා විය.

මෝටර් රථයේ හැපුණු පුද්ගලයා දඹුල්ල මූලික රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

අනතුර සම්බන්ධයෙන් ආරියවතී ගලප්පත්ති මහත්මියගේ මෝටර් රථය පැදවූ රියදුරා අත් අඩංගුවට ගෙන ඇති අතර දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...