පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕනතරම් දක්ෂ තරුණයො ඉන්නවා – ඩී වීරසිංහ

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 19 කොළඹ (LNW): පසුගිය කාලයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේදී එක්සත් ජාතික පක්ෂය ආසන එකට බැස්ස බවත්, ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් සිරිසේන ජනාධිපතිවරයාගේ කාලයේදී සම්පූර්ණයෙන්ම විනාශ වී බෙදී ඇති බවත් , මෙවැනි දෙයක් පොහොට්ටුවට වෙන්න දෙන්නෙ නැති බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ පවසයි.

විශේෂයෙන්ම ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් වියයුත්තේ තම පක්ෂය විසින් තෝරා පත්කරගන්නා අයකු මිස කිසිවකුගේ පෞද්ගලික න්‍යාය පත්‍ර වලට අනුව නොවන බවත් මන්ත්‍රීවරයා කියා සිටී.

පක්ෂ ඇතුලත බෙදීම්වලින් සිදුවන්නේ එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වූ විනාශයම බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

තවද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුලද සුදුසුකම් ඇති ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු ඕනෑතරම් දක්ෂ තරුණ නායකයින් සිටින බවත් ඔහු පැවසීය.එම නිසා මුහුද හත්ගව්වක් තිබියදී ජනාධිපති අපේක්ෂක ගැන තැන තැන කීමෙන් පලක් නැති බවත් සිදුවිය යුත්තේ පක්ෂය ආරක්ෂා කරගනිම්න් කටයුතු කිරීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ අවධාරණය කලේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ගැන නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු...

Trendy Thursday: “The Devil Wears Prada 2” හි විලාසිතා ගොන්නක්!

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

අසත්‍ය කරුණු නිවැරදි කිරීමට මෙම උත්සාහය දරමු.

ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරශාස්ත්‍රපති මහින්ද ද ලැනරෝල් ආනන්ද මහා විද්‍යාලයයට සම්බන්ධ...

තදින් පහර දෙන හැටි බලන්න ඈෂ්ලිත් පැමිණෙයි.

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 31, කොළඹ LNW: ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ...