පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕනතරම් දක්ෂ තරුණයො ඉන්නවා – ඩී වීරසිංහ

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 19 කොළඹ (LNW): පසුගිය කාලයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේදී එක්සත් ජාතික පක්ෂය ආසන එකට බැස්ස බවත්, ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් සිරිසේන ජනාධිපතිවරයාගේ කාලයේදී සම්පූර්ණයෙන්ම විනාශ වී බෙදී ඇති බවත් , මෙවැනි දෙයක් පොහොට්ටුවට වෙන්න දෙන්නෙ නැති බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ පවසයි.

විශේෂයෙන්ම ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් වියයුත්තේ තම පක්ෂය විසින් තෝරා පත්කරගන්නා අයකු මිස කිසිවකුගේ පෞද්ගලික න්‍යාය පත්‍ර වලට අනුව නොවන බවත් මන්ත්‍රීවරයා කියා සිටී.

පක්ෂ ඇතුලත බෙදීම්වලින් සිදුවන්නේ එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වූ විනාශයම බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

තවද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුලද සුදුසුකම් ඇති ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු ඕනෑතරම් දක්ෂ තරුණ නායකයින් සිටින බවත් ඔහු පැවසීය.එම නිසා මුහුද හත්ගව්වක් තිබියදී ජනාධිපති අපේක්ෂක ගැන තැන තැන කීමෙන් පලක් නැති බවත් සිදුවිය යුත්තේ පක්ෂය ආරක්ෂා කරගනිම්න් කටයුතු කිරීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ අවධාරණය කලේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...