ගෝත්‍රික ආරවුලකින් පැපුවා නිව්ගිනියාවේ 64 දෙනෙකු ඝාතනය වේ!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 19 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැපුවා නිව්ගිනියාවේ හයිලන්ඩ්ස් එංගා පළාතේ ගෝත්‍රික ආරවුලක් අතරතුර වෙඩි තබා පුද්ගලයන් 64 දෙනෙකු ඝාතනය කර ඇති බව එරට ජාතික පොලිස් ප්‍රකාශකයෙක් පවසා ඇත.

හයිලන්ඩ්ස් ප්‍රදේශය දිගු කලක් ප්‍රචණ්ඩත්වය සමග අරගල කර ඇති නමුත් මෙම ඝාතන වසර ගණනාවකට පසු සිදු වූ දරුණුතම ඝාතන බවට විශ්වාස කෙරේ.

පෝට් මෝර්ස්බි අගනුවරට වයඹ දෙසින් දළ වශයෙන් කිලෝමීටර් 600ක් දුරින් පිහිටි වබාග් නගරය ආසන්නයේ පොලිසිය සිරුරු රැස් කිරීමට ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉඩම් සහ ධනය බෙදා හැරීම සම්බන්ධයෙන් උග්‍රවන ගෝත්‍රික ගැටුම් හේතුවෙන් පසුගිය ජූලි මාසයේදී එංගා හි මාස තුනක අගුලු දැමීමට හේතු වූ අතර, එම කාලය තුළ පොලිසිය ඇඳිරි නීතිය සහ ගමන් සීමාද පැනවූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...