NPP ආර්ථික කවුන්සිලය සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් අතර හමුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 19 කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික හා දේශපාලන නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ නියෝජිතයින් අතර හමුවක් අද (19) පැලවත්ත ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ බව එම පක්ෂය පවසයි.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින සමාජ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටලු සහ ජනතාව මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය. ආර්ථික අර්බුදය විසඳීම සම්බන්ධයෙන් වන ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිමය ප්‍රවේශයන් පිළිබඳවද අවධානය යොමු කෙරුණු බව පැවසේ.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ පළමු ලේකම් මැතිව් වර්ඩින්හම් (Matthew Wordinghem), දේශපාලන කටයුතු පිළිබඳ දෙවන ලේකම් ඇලෙක්ස් ස්මිත් (Alex Smith) සහ දේශපාලන උපදේශක නෙලුනි තිලකරත්න (Neluni Thilakaratne) සහභාගී වූ අතර ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය වෙනුවෙන් ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන අය සහභාගි වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...