වමට දකුණට ළමා හා යොවුන් පොත් පෙළ ගැන කතා බහක්

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 19 කොළඹ (LNW): ලාංකේය ළමා හා යොවුන් සාහිත්‍යය අනාගතය වෙනුවෙන් කරන හරවත් ආයෝජනයකි.නැණ,ගුණ සපිරි සංවේදී සහ නිර්මාණශීලි මෙන්ම විචාරශීලී පුරවැසියෙක් වෙනුවෙන් විය යුතු එම ආයෝජනය වෙනුවෙන් ප්‍රමාණාත්මක මැදිහත්වීමක් නොපෙනෙන වපසරියක,සමාජගත කෙරුණු ළමා හා යොවුන් සාහිත්‍යය කෘති එකොළහක් සම්බන්ධ සාකච්ඡාවක් පෙබරවාරි 21 දා පස්වරු 3.00 කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවත්වීමට නියමිතය.
වමට දකුණට ලෙස නම් කර ඇති මෙම ළමා හා යොවුන් සාහිත්‍යය කෘති පොකුර ගැන ආරාධිත දෙසුම පවත්වන්නේ සාහිත්‍යවේදී මහින්ද නාමල්ය.විශේෂත්වය වන්නේ මෙම කෘති සම්බන්ධයෙන් ඒවා කියවන ලද ළමා පාඨකයන්ගේ අදහස් දැක්වීමක්ද මේ සඳහා ඇතුළත් කර තිබීමය.

මෙම සොඳුරු අවස්ථාවට කතනයෙන් දායකවන්නේ සවනි ගයංගා ජයවීර ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...