*
Monday, March 31, 2025
spot_img

Latest Posts

චිත්‍රපටි ශාලාවකදී ඔබේ MY RED COMRADE පරික්ෂා කරවා ගන්න අවස්ථාවක්…

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 20 කොළඹ (LNW): අපිට එක එක ජාතියේ සහෝදරවරු හම්බ වෙනවා.ඒ සහෝදරවරුන්ට අපි පාටක් උරිච්චි කරලා හඳුනා ගන්නවා.හුඟක් වෙලාවට සහෝදරයා සහෝදර පාටද කියන කාරණය පැත්තකින් තියලා අපි එයාව රතු පාටින් බලන්න ගන්නවා.සමහර වෙලාවට අපි ඒ බලන්න යොදාගන්න සහෝදරයා කියන “වචනයේ රතු කාචය” ඇරෙන්න ඒ මනුස්සයා අර කාචය ගලවල බැලුවම රතු පාටට පේන්නෙම නැහැ.
ලංකාවේ දේශපාලනය ගත්තම අපේ සම්ප්‍රදාය සහ සංස්කෘතිය එක්ක ගලන වචනවලට සහෝදරයා අහු වෙන්නෙම නැහැ.ඒ වචනය තියෙන්නෙ ඊට එහා වෙනම මානයක දේශපාලන ස්ථාවරයක් එක්ක.ඒකට හීනියට ඩැමේජ් කරන්න වෙන්නත් පුළුවන් පොඩි සරල විදිහට වර්ථමානයෙ බ්‍රෝ එළියට පැනලා තියෙන්නෙත්.බ්‍රෝ ඇත්තටම හඟවන සහෝදරකම අපි සමාජය අස්සෙ හඳුනාගන්න දේශපාලන අර්ථයේ සහෝදරකමට වඩා බර අඩුයි කියලයි මට හිතෙන්නෙ.


උදාහරණයකට අපේ පරම්පරාවට වඩා දෙගුණයක් වයස වාසුදේව වැනි දේශපාලනඥයෙක් අපට පළමු මුණ ගැසීමේ ඉදලම අංකල් හෝ මාමා නොවී සහෝදරයා වෙන්නෙ දේශපාලනය නිසයි.ඒක තරමක විශ්වාසයක් කියලත් හිතෙනවා.ඒක ඊට පස්සෙ ඇබ්බැහියක් වෙනවා.පස්සෙ මෙයා ලොකු දේශාපාලනයක නියෝජනයක් නොවී ඔහු ඒ මොහොතෙ පෙනී හිටපු දේශපාලනයෙ අනිත් පළුවට ප*යා කිව්වත් අර ඇබ්බැහිය නිසා අප්පිරියාවෙන් වුණත් තවමත් සහෝදරයා කියන්නම හිතෙනවා.ඇබ්බැහියක් වෙන්නෙ එතැන ඉදලයි.
එහෙම වෙලාවක සුදත් මහදිවුල්වැව කියන රූප සාස්තරකාරයා, සහෝදරයාට අපේ පොළවෙ ගාපු පාටම ගාලා රතු සහෝදරයා යන අර්ථය හැඟවෙන විදිහට MY RED COMRADE සුත්තරයක් ඉදිරිපත් කරලා තියෙනවා දැක්කම පොඩි අමුත්තක් දැනෙනවා.මොකද සුදත් මහදිවුල්වැව කේෂ්ත්‍රය කුළ හඳුනාගෙන තියෙන හැටියට නිකම් අමුවෙන් ආතල් දෙන බුවෙක් නෙමෙයි.


බරපතල දේශපාලන රුප හරඹ පාන සහෘදයන්ගේ භාෂාවෙන් ගත් විට දිවුලා කියන මනුස්සයා කියන මගේ රතු සහෝදරයා සමහර විට උත්ප්‍රාසයක්ද උපහාසයක් ද විය හැකියි.ඉස්සෙල්ලා මතු කරපු සාධකය ගත්තම වාසුදේව කියලා හිතුවොත් මොකද්ද දැනෙන හැඟීම.
ගොඩ දෙනෙක් විශ්වාස කරන දේශපාලනික වෙනස ඔළු ගෙඩි වෙනසක් නොවී වෙනස් විය යුතුයි කියන තැනක ඉන්න බව හැඟවෙන මොහොතක ඒක ඇත්ත ද බොරුද කියන දෙගිඩියාව අපිට ප්‍රශ්න කරගන්න ලැබෙන හොඳ පරීක්ෂණයක් MY RED COMRADE රූපාවලියේ ඇතැයි සිතීම සාධාරණ සැකයක්.දැනෙන දේ දෙගිඩියාවක් වෙන්නෙ තවමත් මේ ජිවිතය සහ සමාජය වෙනස් කිරීම ගැන කතා කරන අතරේම ඇතුළු හදවතින් ඊළඟ ආත්මය සතුටු කරන්න බලාගෙන වැඩ කරන මිනිස්සු මේ මොහොතේ පවතින දේශපාලන සමාජ තත්ත්වයන්ට හාත්පසින් අනවශ්‍යය පෝලිම්වලත් ලඟිනවා.


ඒ නිසා තමන් බර දෙන සහෝදරයා පමණක් නෙමෙයි තමන්ගේ සමාජ සහෘදත්වය සහ සහෝදරත්වය ද යම් ආකාරයකට පරීක්ෂණයකට ලක් කරන වැඩිහිටි සාමාජය තමන් තුළම ඇති කරන ආත්මීය සංවාදයකට හසු කරන චිත්‍රපටියක් වෙන්න MY RED COMRADE සමත් වෙනු ඇතැයි යන විශ්වාසය තියෙනවා.දශක දෙකක පමණ කාලයක් මේ රූප අමුණන මනුස්සයගෙ ශක්‍යතාවයන් අර්ථපතියන් නැතුව නිකරුණේ යෙදුණ රස්තියාදුව ඇතුළෙත් ඔහු උගත් ජීවිතය තමන්ගේ භාෂාව වන රූපයටත්,රූපය ආත්මය කර ගත් දේශපාලනයටත් කැඳවන්න කරපු පරීක්ෂණයක් විදිහට තමයි MY RED COMRADE එළි දකින්නෙ.
පොප් කෝන් එකක් එක්ක මේ වැඩේ විඳින්න අමාරු වෙයි.රජ කුමාරවරු සහිත අතීත කාමයට විසිල් ගහන්න ඉඩක් නැති වෙයි.ඔබට MY RED COMRADE වෙලාවෙ දිවුලාගේ රූප හදවතට ඔබා ගන්නම වෙයි.වචනයක්වත් රූප රාමුවක් එක් සැසලීමක්වත් අත අරින්න බැරි වැඩක් විදිහට මේ වැඩේ විඳින්න වෙයි වගේම එකිනෙකාගේ හදවතේ ඉන්න සහෝදර විශ්වාස සහ අවිශ්වාස එක්ක හැදෙන මතවාදී ගෝරියක් සමාජය ඇතුළෙ හැදෙන වැඩක් බවට MY RED COMRADE පත්වේවී කියන විශ්වාසය තියාගන්න පුළුවන්.ඒ සුදත් මහදිවුල්වැව කියන හාදයාගෙ පෙර සරඹ දැක ඇති පරපුරක් හැටියට දැනෙන දෙයක්.
කොහොමහරි MY RED COMRADE සමහර විට ඔබේ හදවතේ ඉන්න කෙනා නොවෙන්න පුළුවන්.ඒ වුණාට දිවුලා එයත් එක්ක මෙයා පටලන පැටලිල්ල වැදගත් වෙන්න ඉඩ තියෙනවා.සමහර විට ඒ පැටලිල්ලෙන් පස්සෙ ඇත්තටම ඔබ කාටද MY RED COMRADE කියලා කියන්න ඕනි කියලා හැඟීමක් නෙමෙයි අවිශ්වාසයක් ඇති වෙනවනම්,එහෙමත් නැත්නම් දර්ශී හැඟීමක් දැනෙන්න ගන්නවනම්…….
ඇත්තටම මෙච්චර දේවල් කියන්න පරක්කු වැඩියි.මේ දිවුලාගේ රූප මැහිල්ල ගැන තියෙන ඉතිහාසය විසින් කරන සංඥා විසින් අවුලුවා තබන දේවල්.ඒත් එකක් ෂුවර් MY RED COMRADE ඔබේ MY RED COMRADE පරික්ෂාවට භාජනය කරයි කියන විශ්වාසය තියෙනවා.ආපු ගමන් ඒ පරික්ෂාව කරගන්න.ඒක ඔබේ වගේම සමස්ත සමාජයේ සෞඛ්‍යයටත් වැදගත් වෙයි.


මේ මොහොත හෙටට වැදගත් වෙන අයුරු කියා දෙන්නේ වැඩිහිටියන්ය.අඩුම තරමේ දරුවන්ගේ අවශ්‍යයකාවය කවරාකාරදැයි දරුවන්ගෙන් නො’අසා වැඩිහිටියෝ තීරණය කරන සමාජයක, MY RED COMRADE වැඩිහිටියන්ට පමණක් වූ සිනමා පටයක් වීම වැදගත්ය.ඇත්තටම 18 ට අඩු අයට කිසිඳු තීරණයක් ගැනීමට ඉඩ නොදෙන තත්ත්වයක තවමත් ළමා වැඩ කෙරෙමින් පවතින්නේ කෙසේද යන්නත් සිතා නොහැකිය.ඒ නිසා වැඩිහිටියන් වෙන්න කැමති 18 ඉක්ම වූ අයටත් නිසි වයසට එළැඹෙන්නට වැඩිහිටියන්ට පමණක් වූු MY RED COMRADE උපකාරයට ගැනීමට හැකි වනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan