(VIDEO) එට්කා අත්සන් කළොත් රමට ඉවරයි – 69 ලක්ෂෙ මන්ත්‍රීවරුන්ට කනේ ඇඟිලි ගහගන්න විමල් කරපු කතාව

Date:

කොළඹ LNW: අත්සන කිරීමට යෝජිත එට්කා ගිවිසුම සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා විශේෂ අවධානයක් යොමුකරමින් කරුණු දක්වන ලදී.

ශ්‍රී ලංකාවේ අයිතිය ක්‍රමානුකූලව ඉන්දියාව අතට පත්වන ආකාරය ඔහු පෙන්වා දුන් අතර එම ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් රාජපක්ෂවරු ඇතුළු 69 ලක්ෂයේ මන්ත්‍රීවරු නිහඬ පිළිවෙතක් අනුගමනය අක්රමින් අපරාධයකට සහය වෙමින් සිටින බවටයි වීරවංශ මහතා චෝදනා කළේ.

”මට හිතාගන්න බැරි 69 ලක්ෂෙන් පාර්ලිමේන්තු ආපු මන්ත්‍රීවරු ටික දෙන දේ කාගෙන වෙන දේ බලාගෙන ඉන්න එකයි කණගාටුවට කාරණය වෙලා තියෙන්නේ. දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමාල බොරළුගොඩ සිංහයෝ පූස් පැටව් වගේ ඉන්නවා මේ අපරාධය වෙන්න ඉඩ හැරලා. රාජපක්ෂලා ඔක්කොම ටික ඉන්නවා මේ අපරදෙට කරගහල. දැන් මේ මොකක්ද කරමින් ඉන්නේ. ටෙලිකොම් සමාගම දෙන්න යනවා ඉන්දියානු සමාගමකට. විදුලි බල මණ්ඩලය කෑලි වලට කලා ඉන්දියානු සමාගමකට දෙනවා. අදානිට මන්නාරමේ සුනිත්‍ය බල අධිකාරය දෙනවා. ඒකකයක් ගන්නේ අවුරුදු 50ක් යනකන් රු.50ට. සුලන් බලයෙන් තාප බලයෙන් ගන්න විදුලි ඒකකයකට රු. 50කට ගන්නේ මොන කෙන් ගෙඩියකටද. සාමාන්‍ය මිනිහෙක්ගේ වහලෙන් තියෙන එකකින් ගන්නේ 30යි 35කට. අදානිගෙන් 50යි. එතකොට මේ රටේ විදුලි පිරිවැය අඩුවෙනවද. හරීන් ප්‍රනාන්දුම කියනවනේ අපේ එයාර් පොර්ට් තුනක් දෙනවා ඉන්දියාවට. වරායවල් දෙනවා. ඔය ඔක්කොම දුන්නම අන්තිමට ඉතුරු වෙන්නේ මොකක්ද? මේ පාර්ලිමේන්තුවද? මේකත් දීලා දාන්න. ඊළඟට ඔබතුමන්ලා මාර්තු මාසේ අත්සන් කරන්න යනවා එට්කා ගිවිසුම. කෝ ගිවිසුම දැක්කද මේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු. කෝ කැබිනට් මණ්ඩලයට පෙන්නුවද එක රජයේ නිලධාරියෙක් පත්කරලා ලේකම් කාර්යාලයක් අටවාගෙන ඉන්නවා. එයා හම්බෙන්න ගියා මේ එට්කා ගිවිසුම ගැන සංවේදී පිරිසක්. ඔහු දුන්න උත්තරය තමයි මුකුත් ලේඛන දෙන්න බැහැ මේ පාර ඉන්දියාව හරි ඇග්‍රසිව්. ඕක තමයි එයා දුන්න උත්තරය. එට්කා ගිවිසුම අත්සන කලාම මේ රටේ වෙළෙඳාමට සහ රැකියාවට නිදහසේ ඉන්දියානුවන්ට එන්න පුළුවන්කම තිබෙනවා. බුලත් විට කඩේ පවා දාගන්නවා. දොස්තර රස්සාවට එන්න පුළුවන්. ඉංජිනේරු රස්සාවට එන්න පුළුවන්. හැම වෘත්තියකම ඔවුන්ට විවෘත වෙනවා. ටෙලිකොම් එක ඉන්දියාව ගත්තම විදුලි බල මණ්ඩලය හතර පහට කඩලා ඉන්දියාව ගත්තම එකේ ඉන්න සේවකයෝ විශ්‍රාම යනකොටලාංකිකයන්ට අවස්ථාව ලැබෙනවා වෙනුවට ඉන්දියානුවන්ට අවස්ථාව ලැබෙන්න පුළුවන්. එට්කා ගිවිසුම අත්සන කරනවා කියන්නේ මේ රටේ අවසානයේ ආරම්භය බවට පත්වෙනවා කියන එක ” යනුවෙන් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...