“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” දෙවන පියවර කොළඹට

කොළඹ LNW: “ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” යන තේමාව යටතේ නව සන්ධානය විසින් සංවිධානය කරනු ලබන ජන රැළි මාලාවේ දෙවන පියවර පෙබරවාරි 24 වෙනි දින කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පස්වරු 2.30 ට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

නව සන්ධාන කොළඹ දිස්ත්‍රික් නායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, වෙළෙද අමාත්‍ය නලින් ප්‍රනාන්දු, මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න, සූගීෂ්වර බන්ඩාර යන මහත්වරුන් මෙම රැළියට සහභාගී වීමට නියමිතව ඇත.

මෙහිදී නැගෙනහිර හා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල දේශපාලඥයින් කිහිප දෙනෙකු නව සන්ධාන වේදීකාවට ගොඩවීමට නියමිතව ඇති බව නව සන්ධාන ආරංචි මාර්ග සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...