සැකයක් තියාගන්න එපා ජනාධිපතිවරණය නියමිත වෙලාවට එනවා – ඇමති විජයදාස

Date:

කොළඹ LNW:ඉදිරි ජනාධිපතිවරණය ස්ථිරවම ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

දැනට තිබෙන තත්ත්වය අනුව පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ පැවැත් විය යුතු වුවත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමේ බලය ජනාධිපතිවරයාට පවතින අබ්වයි රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් ජනාධිපතිවරණය ගැන කිසිම සැක සංකාවක් තබා ගත යුතු නැති බවයි අමාත්‍යවරයා කියාසිටින්නේ.

මේ අතර මාර්ග ගත සුරක්ෂාව පිළිබදව පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් සම්මත කරනු ලැබූ නමුත් එහි අඩුපාඩු පවතින බැවින් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බවත් ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ ලැබී තිබෙන බවත් ඒ අනුව කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභාව : සර්වජන බලයේ සහායත් විපක්ෂයේ අපේක්ෂකයාට !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා අද (16)...

අවසන් මොහොතේ සාගල එජාපයට නියෝජ්‍ය නගරාධිපති ලබාගැනීමේ අවස්ථාව විනාශ කරයි ?

කොළඹ නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට තිබූ...

කොළඹ එජාප කණ්ඩායම උදෙන්ම සාගලගේ නිවසේ රැස්වෙයි. ඒකමතික තීන්දු දෙකක් !

කොළඹ මහ නගර සභාව සඳහා තේරී පත්ව සිටින එක්සත්...