සිරදඩුවම් ලැබූ බ්‍රසීල පාපන්දු තරුව Dani Alves

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 22 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):බ්‍රසීල පාපන්දු ක්‍රීඩක ඩැනී අල්වේස් ව Dani Alves කාන්තාවකට ලිංගික අතවර කළ බවට වැරදිකරු වීමෙන් සිරගත කර තිබේ.

රෝයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, 2022 වසරේදී බාසිලෝනා නගරයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකදී අල්වේස් විසින් කාන්තාවකට අතවර කළ බවට චෝදනා එල්ලවූ අතර ඒ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේ තීන්දුව අද (22) ප්‍රකාශයට පත් කරමින් වසර හතරහමාරක සිරදඩුවම් නියම කර ඇති බවයි..

එම සිදුවීම දෙදෙනාගේ කැමැත්තෙන් සිදුවූවක් බව අල්වේස් පවසා ඇතැයි ද සදහන් වේ.

නමුත් එය පිළිනොගත් අධිකරණය ඔහුට එරෙහිව වසර 4 1/2ක සිර දඬුවමක් දුන් අතර වින්දිත කාන්තාවට ඩොලර් 163,000ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

40 හැවිරිදි ඩැනී අල්වේස් ව, පසුගිය වසරේ ජනවාරි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර එතැන් සිට ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...