මෙරටට ලැබෙන විදෙස් රැකියා සියල්ල වත්මන් අමාත්‍යවරුන් විසින් මුදලට විකුණනවා – NPP වසන්ත

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 23 කොළඹ (LNW): ජනාධිපතිවරණය නියමිත කාලවලදී පැවැත්වීම අනිවාර්ය බවත් , රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් ජාතික ජන බලවේගයට බියෙන් බලහත්කාරී අත්තනෝමතික හා නීති විරෝධීව මැතිවරණ නොපවත්වා කටයුතු කරන්නේ නම් ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව උත්තර ලබාදීමට ජාතික ජන බලවේගය සූදානම් බව එහි අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ මහතා කියා සිටී.

මහ මැතිවරණය පවත්වනු ලබන දිනයන් වෙනස් කිරීමට ආණ්ඩුවට හැකියාව තිබුණද , ජනාධිපතිවරයාගේ විධායක බලතල අහෝසි විය යුත්තේ ජනතාව ප්‍රතික්ෂේප කරන ලද පාර්ලිමේන්තුවකින් නොව ජනතාව පත් කළ පාර්ලිමේන්තුවකින් පමණක් බව ද වසන්ත සමරසිංහ මහතා කියා සිටී.

මෙරටට ලැබෙන විදෙස් රැකියා සියල්ල වත්මන් අමාත්‍යවරුන් විසින් මුදලට අලෙවි කරන බවත්, රටේ ප්‍රශ්න හා ජනතාවගේ හඬ යටපත් කිරීමට සමාජ ආරක්ෂණ පනත හා ප්‍රතිත්‍රස්ත පනත හරහා ජනතාව බිය වැද්දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් කියා සිටි සමරසිංහ මහතා, විදුලි බිල සියයට තිහකින් අඩු කිරීමට හැකියාව තිබියදී  එය සියයට තුනකින් අඩු කිරීමට ආණ්ඩුව කටයුතු සූදානම් කර ඇති බවත්, ජාතික සංවර්ධන ඉලක්ක වලට මෙරට කිරි නිෂ්පාදනය අත්‍යවශ්‍ය කරුණක් වන අතර ඇතැම් අය පවසන පරිදි අනුර දිසානායක මහතා ඉන්දියාවෙන් කිසිදු මුදලක් ලබාගෙන නැති බවත් ඒ මහතා පවසයි.

ඒ මහතා මේ බව කියාසිටියේ අද (23) දින අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් පලකරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්ඔය සුළු ගංවතුර තත්ත්වයක් – මඩකලපුවට ගංවතුර අවදානමක්!

කොළඹ LNW:ගල්ඔය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ මේ වනවිට සුළු...

Sri Lanka Economic Summit 2025 දෙසැම්බර් 2 සහ 3 යන දිනවලදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : දෙසැම්බර් 2 සහ...

“වසරේ ගෝලීය වෙළඳ නාමය”බ්‍රවුන්ස් SUMO WORLD රන් සම්මානයෙන් පිදුම් ලබයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : බ්‍රවුන්ස් කෘෂිකර්මාන්තය මෑතකදී...

දෑස නොපෙණුනත් ක්‍රිකට්වලින් ලෝකය ජය ගත හැකියි – 0714098507 හෝ 0773589997 දුරකථන අංක අමතන්න

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: වැඩි පෙණුමක් නැතුව වැඩි...