බිලියන 180ක් වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා වෙන්කලා – වෛද්‍ය රමේෂ්

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 23 කොළඹ (LNW): මෙම 2024 වර්ෂයට සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වෙන්කර ඇති රුපියල් බිලියන 410ක මුදලින් බිලියන 180ක් වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා වෙන්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

පසුගිය කාලයේ ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ද යම් පසුබෑමක් ඇතිවුව ද මේ වන විට එම තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට හැකි වී ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, 2015 වසරේ දී ආරම්භ කරන ලද මෙම සංගමය මෙරටට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ සේවා සැපයීමෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන බවයි.

රමේෂ් පතිරණ අමාත්‍යවරයා එම අදහස් පළ කළේ ,ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරින්ගේ වාර්ෂික හමුවට සහභාගි වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...