ජූලි චංග්ට සමු දෙන්න කාලය ඇවිත් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 25 කොළඹ (LNW): එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද නියෝජිත තනතුර (තානාපති) සඳහා නව නියෝජිතයෙක් නම් කර ඇති අතර, ඒ සමඟ ශ්‍රී ලංකාවේ වත්මන් එක්සත් ජනපද තානාපති ජූලි චංග් (Julie Chung) මහත්මිය මෙරටින් පිටත්ව යනු ඇති බව සඅහන් වේ.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධූරය සඳහා නව නාමයෝජනාව ශ්‍රී ලංකා රජයට දැනටමත් දන්වා ඇති අතර, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නම් කළ මෙම තැනැත්තාට රජය සිය එකඟතාව පළ කර ඇති බවද තොරතුරු වාර්තා වේ.

චංග් මහත්මිය 2022 දී ශ්‍රී ලංකාවේ සිය ධුර කාලය ආරම්භ කළ අතර මේ මාසයේ සිය දෙවන වසර සම්පූර්ණ කළාය.

මීට පෙර සිටි බොහෝ එක්සත් ජනපද තානාපතිවරුන් වෙනත් ස්ථානයකට පත් කිරීමට පෙර වසර තුනක ධුර කාලයක් සේවය කර ඇති අතර වසර දෙකකින් චංගේ ධුර කාලය අවසන් වීම දේශපාලන මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික කවයන් අතර සාකච්ඡා වී ඇතිබවද සඳහන් වේ.


කෙසේ නමුත් ඇය මෙරට ජනප්‍රිය විදේශ ධූතිකාවක විය. මෙරට ජන කොටස් සහඟ ඉතා සමීප සබඳතාවයන් පවත්වාගෙන යෑමට ඇය සමාජශීලි කාන්තාවක් වූ බව නම් නොරහසකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති ජොනී හැංගිලා. අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවයි

සටහන - රුවන් නෙළුගොල්ල සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින්...

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...

2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම...