වජිර ළඟ තියෙන අනුරගෙ කේන්දරේ.

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 25 කොළඹ (LNW): පසුගියදා එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ජවිපෙ නායක අනුර කුමාර ගැන රහසක් හෙළිකර ඇති බව පැවසේ.

ඒ අජිත් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති, උදේනි කිරිඳිගොඩ ඇතුළු තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමඟ පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී බව තොරතුරු වාර්තා වේ.

එහිදී, ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තු වන සියලු දෙනාගේම කේන්දර තමා සන්තකයේ ඇති බවත්, ඒ අතර අනුර කුමාරගේ කේන්දරයද ඇති බවත්, වජිර අබේවර්ධන, මන්ත්‍රීවරුන්ට පවසා ඇතැයි වාර්තා වේ.

ඉන් අනතුරුව ගලප්පත්ති මන්ත්‍රීවරයා, වජිරගෙන් විමසා ඇත්තේ කේන්දරය අනුව මීළඟ ජනාධිපතිවරයා කවුරුන්ද යන්නයි. එය මේ මොහොතේ හෙළි කළ නොහැකි බව වජිර සිනාසෙමින් පවසා ඇතැයි සඳහන් වේ.

වජිර එහිදී වැඩිදුරටත් පවසා තිබුණේ , අනුර කුමාර බිම් මට්ටමින් ජය ගන්නා බවත් එය ඔහුගේ රුචිකත්වයට වඩා ටිකක් වැඩි බවත්ය.

ඒක කමක් නෑ, එයාට දැන් ඉඩ දෙන්න. අපිට නියම වෙලාවට අනුරව ටේක්ඔවර් කරන්න පුළුවන්,” යැයි වජිර පවසා තිබුණේ අනුරගේ ජනප්‍රියත්වය නිෂ්ක්‍රීය කිරීමට තමාට සැලසුමක් ඇති බවට අනෙකුත් මන්ත්‍රීවරුන්ට ඉඟියක් දෙමින් බව නම් පැහැදිළිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...