යාපනයේ අධි ආරක්ෂිත කලාපයේ කෝවිල් 07කට සතිපතා වන්දනා කරන්න සිවිල්වැසියන්ට අවසර!

Date:

ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය ආශ්‍රිත අධි ආරක්ෂිත කලාපයේ පිහිටි කෝවිල් 07ක් සතිපතා පූජා පවත්වා වන්දනා කිරීම සඳහා අවසරය ලබාදීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කර ඇත. ඒ අනුව කඩ්ඩුවාන් මුත්තුමාරි අම්මාන් කෝවිල‍, වාසවිලාන් මනම්පිරායි කෝවිල‍, වාසවිලාන් ශිවම් කෝවිල‍, වාසවිලාන් නාග කෝවිල‍, පලාලි රාජ රාජේශ්වරී කෝවිල‍, පලාලි නාග තම්පිලාන් කෝවිල‍, පලාලි ශක්තිවේලි මුරුගන් කෝවි
යන කෝවිල්වල සතිපතා පූජාවන් සදහා සිවිල් ජනතාවට අවසර හිමිවිය.

මීට පෙර එම කෝවිල්වල මාසික පූජාවන් සහ විශේෂ පූජාවන් සඳහා අවසර ලබාදී තිබුණත් කෝවිල් භාරකාර මණ්ඩල සහ සිවිල් සංවිධාන විසින් සතිපතා පූජාවන් සඳහා අවසර ලබාදෙන ලෙස කරනු ලැබූ ඉල්ලීම් සලකාබැලීමෙන් අනතුරුව ආරක්ෂක සේනා ආඥාපති – යාපනය මේජර් ජෙනරාල් වන්දන වික්‍රමසිංහගේ පූර්ණ මැදිහත්වීම මත මෙම අවසරය සිවිල්ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන ලදී.

කෙසේ වෙතත් පසුගිය සිකුරාදා (23) දින ආරම්භ වුණු සතිපතා පූජාව සඳහා සිවිල්වැසියන් 291 දෙනෙකු සහභාගීවන බවට තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ආරක්ෂක සේනා මූලස්ථානය – යාපනය වෙත දැනුම්දී තිබුණද ඒ සඳහා සහභාගී වූයේ පුද්ගලයින් 50 දෙනෙකු පමණි. එසේම ඔවුන් වන්දනාමාන කිරීම සඳහා ගොස් තිබුණේ කඩ්ඩුවාන් මුත්තුමාරි අම්මාන් කෝවිල‍, වාසවිලාන් මනම්පිරායි කෝවිල‍, වාසවිලාන් ශිවම් කෝවිල‍ සහ වාසවිලාන් නාග කෝවිල‍ යන කෝවිල් හතරට පමණි.

මෙලෙස පූජාවන් සඳහා එක්වූ පිරිසට අවශ්‍ය සෞඛ්‍යය‍, ප්‍රවාහන‍, සනීපාරක්ෂක ඇතුළු සියලුම පහසුකම් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සපයා තිබුණු අතර මෙම අවස්ථාවට තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම්වරයාද එක්ව සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...