*
Sunday, October 13, 2024
spot_img

Latest Posts

බිම්ස්ටෙක් සමූහයේ රටවල් අතර සක්‍රීය සාමූහික ගිවිසුමක් අවශ්‍යයයි – ෂෙහාන් සේමසිංහ!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 25 කොළඹ (LNW): ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති බිම්ස්ටෙක් රටවල වර්ධනය සහ තිරසර සංවර්ධනය පිළිබඳ සාක්ච්ඡාවට එක් වෙමින් , ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය, මියන්මාරය, බංග්ලාදේශය, ‌නේපාලය සහ භූතානය යන රටවලින් සැදුම්ලත් බිම්ස්ටෙක් සමූහයේ රටවල් අතර සක්‍රීය සාමූහික ගිවිසුමක අවශ්‍යතාව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරනවා.

එහිදී, අමාත්‍යවරයා පැවසුවේ එම රටවල් අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කිරීමට අදාළ රාමුවක් සකස් කිරීම සඳහා දශක දෙකකට පමණ පෙර ඇති කර ගත් එකඟතාව ද ප්‍රගතියක් අත් කර ගැනීමට අපොහොසත් වී ඇති බවත්, අදාළ රටවල් අතර ද්වීපාර්ශ්වික ගිවිසුම් ක්‍රියාත්මක වන නමුත් කලාපීය ගිවිසුමක් මගින් ඉන් ඔබ්බට ගිය සාර්ථකත්වයක් ඇති කර ගත හැකි බවයි.

අමාත්‍යවරයා අවධාරණය කළේ , විශේෂයෙන්ම රටවල් අතර වෙළෙඳාම ශක්තිමත් කිරීම සේ ම අවදානමට ලක් විය හැකි ක්ෂේත්‍ර සමතුලිත කර ගනිමින් ඒවායේ ආරක්ෂාව ඉහළ නැංවීමට මෙම ගිවිසුම මගින් හැකි වනු ඇති බවයි.

වර්තමාන ඉහළ ගෝලීය පොලී අනුපාත හේතුවෙන් මූල්‍යකරණය ඉහළ නැංවීම අභියෝගයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා කලාපය තුළ පෞද්ගලික ආයෝජන සහ ප්‍රාග්ධන ප්‍රවාහයන් උත්තේජනය කිරීම අවශ්‍යතාව අවධාරණය කළේ ය.

සේමසිංහ මහතා සඳහන් කළේ, උදාහරණයක් ලෙස බලශක්ති අංශයේ රටවල් අතර ආයෝජන සහ වෙළෙඳාම සඳහා ඉඩකඩ ඇති අතර දැනටමත් බලශක්ති වෙළඳාමේ නිරත වන බවත්, ශ්‍රී ලංකාවට සම්ප්‍රදායික ජල විදුලියෙන් ඔබ්බට පුනර්ජනනීය බලශක්ති විභවයන් ලෙස සුළං සහ සූර්ය බලශක්තිය සදහා අවස්ථාව ඇති බවයි.

අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාව එවැනි බලශක්ති උත්පාදනය සඳහා කලාපීය ආයෝජන දිරිමත් කරන අතර බලශක්ති වෙ⁣⁣ළෙඳාම සක්‍රීය කිරීම සඳහා විදුලි සම්බන්ධතාවය පිළිබඳව ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, දේශගුණික විපර්යාස වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන්, ගෝලීය සංසදවල අවදානමට ලක්විය හැකි රටවලට මූල්‍ය ආධාර සම්බන්ධයෙන් විශාල කථිකත්වයක් දක්නට ලැබෙන අතර එය යථාර්ථයක් බවට පත්කර ගත යුතු බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan