ඇමෙරිකාවෙන් ලංකාවට රු කෝට් 1750 ක නොමිලේ ඖෂධ….!

Date:

අශෝක ජයතුංග

පෙබරවාරි, 26 වොෂින්ටන් LNW : ඇමෙරිකානු තානාපති මහින්ද ගේ උත්සාහයේ ප්‍රතිළුලයක්.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීම මත එරට ආයතන 03 කින් 2022 ජූලි සිට මේ දක්වා ඩො මිලියන 53 .9 ක එනම් රු කෝටි 1750 ක ඖෂධ හා වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාවට නොමිලේ පරිත්‍යාග කොට තිබේ.

ශ්‍රී ලංකාව ආර්ථික ලෙස පසුබෑමකට ලක්ව සිටියදී  හාට් ටු හාට් ඉන්ටනැෂනල් වෙතින් ඩො මිලි 46 . 8 ක ඇමරිකැරීස් වෙතින් ඩො මිලි 4 . 4ක හා  හෝප් වර්ල්ඩ් වයිඩ් වෙතින් ඩො මිලි 2 . 7 ක පරිත්‍යාග ලබාදී තිබේ.

        එම සැපයුම් අතර වේදනා නාශක හා ප්‍රතිජීවක , රුධිර පීඩනය හා හෘද රෝග, විශාදයඇතුළු මානසික රෝග, ඉන්ද්‍රිය බද්ධය සඳහා ප්‍රතිශක්ති ඖෂධ, ඔන්කොලජි පිළිකා ඖෂධ, ඇදුම හා හුස්ම ගැනීමේ අපහසුතා, කිරි දෙන මව්වරුන්ට විටමින, මන්ද පෝෂිත මව්වරුන්ට පෝෂණ අතිරේක හා නිදන්ගත රෝග රැසකට ඖෂධ මෙන්ම කැතීටර්,සිලින්ජර, අත්වැසුම් ආදී වෛද්‍ය සැපයුම් මේ අතර වේ.

        ඒවා ඇමෙරිකාව ඇතුළු දියුණු රටවල නිපදවූ ප්‍රමිතියෙන් ඉහළ හා අධික මිල ඖෂධවීම ද විශේෂත්වයකි. මෙම සැපයුම් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ජනතාවට නොමිලේ  ලබාදීමට පියවර ගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...