කර්මාන්ත අමාත්‍යංශ 2024 වසර සදහා කාර්ය සාධන ගිවිසුම් අත්සන් කෙරේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 27 කොළඹ (LNW): කර්මාන්ත අමාත්‍යාංශයේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂම කර ගැනීමේ අරමුණින් 2024 වර්ෂය සඳහා කර්මාන්ත අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන වල කාර්ය සාධන ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (26 දා) කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

කර්මාන්ත හා සෞඛ්‍ය  අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මගපෙන්වීම යටතේ  අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සංස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා හා දෙපාර්තමේන්තුවල ප්‍රධානින් 26 දෙනෙක් අමාත්‍යාංශය සමග  මෙලෙස කාර්ය සාධන ගිවිසුම් වලට එළඹ ඇත.

පළමුවරට 2023 වසරේදී කර්මාන්ත අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන අතර කාර්ය සාධන ගිවිසුම් අත්සන් කළ අතර එම ගිවිසුම් අනුව කටයුතු කළ ආයතන සියල්ලම පසුගිය වසරේදී ඉහළම කාර්යක්ෂමතාවක් පෙන්නුම් කිරීමට සමත්වූ බව සඳහන් වේ.

අමාත්‍යාංශය හා අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන සියල්ලටම පසුගිය වසරේදී ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කිරිමට හැකියාවක් ලැබුනේ නිවැරදිව කාර්‍ය සාධන දර්ශක (KPI) අනුගමනය කිරීමෙන් බවත් එවැනිම වූ ඉහළ කාර්ය සාධනයක් මෙම වසරේදීද සියලුම ආයතන වලින් බලාපොරොත්තු වන බවත්, මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළේය.

තිලකා ජයසුන්දර මහත්මිය මෙහිදී වැඩිදුරටත් පැවසුවේ, එසේම ආයතනවල වියදම් කළමනාකරණය මෙන්ම ආදායම් කළමනාකරණයද ඉතා වැදගත් කොට සලකා කටයුතු කළයුතු බවත්, මෙම වසරේ සිට සෑම මාස තුනකට වරක්ම කාර්ය සාධන ගිවිසුම් ඇගයීම සිදුකරමින් එහි ඵලදායිතාව වඩාත් ඉහල නැංවීමට කටයුතු කරන බවයි.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ සියලුම අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්), ප්‍රධාන මූල්‍ය නිලධාරී, ආයතන වල ප්‍රධානීන් , අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූ බව සඳහන්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...