ආණ්ඩුව මට පාර්ලිමේන්තුවෙදි කට අරින්නවත් දෙන්නෙ නෑ – ගම්මන්පිල ට්විටරයේ දුක කියයි

බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී හිටපු බලශක්ති අමාත්‍යවරයා ලෙස අදහස් දැක්වීමට අවස්ථාව නොලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. අදාල විවාදයේදී අදහස් දැක්වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයෙන් ඉල්ලීමක් කළ නමුත් ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලය තමාට අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කළ බවද ගම්මන්පිල මහතා සඳහන් කරනවා.

මන්ත්‍රීවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ ඉන්පසු ආණ්ඩු පක්ෂ සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා අමතා විවාදයේදී අදහස් දැක්වීමට අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලා සිටි බවත්, ඒ සම්බන්ධයෙන් සලකා බලන බවට ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා පොරොන්දු වූ බවත්ය. කෙසේ නමුත් ඉන්පසු ගම්මන්පිල මන්ත්‍රීවරයා වෙත දන්වා තිබෙන්නේ ඒ වනවිටත් ආණ්ඩු පක්ෂ කථික ලැයිස්තුව පිරී අවසන් බවයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් 136,331 දෙනෙකුගේ මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ තමාට පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමට අවස්ථාව ලබා නොදීම යනු තමාට ඡන්දය ලබාදුන් ඡන්දදායකයන්ගේ හදවත් ප්‍රතික්ෂේප කිරීමක් බව පෙන්වා දෙන ගම්මන්පිල මහතා වැඩිදුරටත් පවසන්නේ මහජන නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමේ අයිතිය කතානායකවරයා විසින් ආරක්ෂා කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...