ඇෆ්ගනිස්තානයට එරෙහි විස්ස විස්ස සංචිතයේ නොසිටි අවිශ්ක සහ වැන්ඩර්සේ බංගලිදේශයට

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 29 කොළඹ (LNW): ඇෆ්ගනිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයේ දකින්නට නොලැබුණු අවිශ්ක ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩර්සේ බංගලාදේශ සංචාරය මඳහා ඇතුළත් කරන්නට ශ්‍රී ලංකා තේරිම් කමිටුව පියවර ගෙන තිබෙනවා.අවිශ්ක විස්සයි විස්ස සංචිතයේ නොසිටිය ද,එක්දින තරගවලදී ඉහළ දස්කම් දක්වන්නට සමත් වූ අතර ඔහුගේ පිත්තෙන් අර්ධ ශතක දෙකක් වාර්තා වුණා.එහෙත් අවිශ්කට එම දස්කම් සලකා සංචිතයට ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන්නේ ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස තරගවලදී මෙන්ම එක්දින තරගවලදී වාර්තාගත දස්කම් දක්වන්නට සමත් වූ පැතුම් නිශ්ශංක ආබාධයකට ගොඳුරුවීම නිසා තේරුම් කමිටුව ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් ඔහුව විවේක ගන්වන්නට තීරණය කළ නිසයි.


ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායම් සංචිතයට එකතු වන්නේ ඇෆ්ගනිස්තාන කන්ඩායම සමඟ වූ තෙවන විස්සයි විස්ස තරගයේදී විනිසුරු වෙන්ඩ්ල් හැනිබල් විසින් ගත් වැරදි තීරණයක් විවේචනය කළ ආකාරය සහ විරෝධය ප්‍රකාශ කළ ආකාරය ජාත්‍යන්තර ක්‍රීඩක විනය නීති උල්ලංඝනය කිරීමක් ලෙස සළකා තරග දෙකක තහනමකට යටත් කිරීමෙන් ඇති වන හිස් තැන පියවීමටයි.කෙසේ නමුත් වනිදුගේ හිස්තැනට සංචිතයට පැමිණියද ක්‍රිඩා කිරීමේදී එම හිස්තැන පිරවීම සඳහා වැන්ඩර්සේ කැඳවයිද,අකිල ධනංජය යොදවයිද යන්න සැක සහිත අතර ඇතැම් විට පන්දු යැවීමේ හැකියාවක් ඇති කමිඳු මෙණ්ඩිස් යොදා ගැනීමටත් ඉඩ තිබෙනවා.


එසේ වුවහොත් පිතිකරණ අංශය ශක්තිමත් කරමින් කමිදු,අවිශ්ක මෙන්ම කුසල් ජනිත් පෙරේරා ද කණ්ඩායම තුළට රැඟෙන එම්ට ඉඩ තිබෙනවා.ඇෆ්ගනිස්තානය සමඟ වූ තරගවලදී යොදා නොගත් ඩිල්ෂාන් මධුශංක,බංගලාදේශයට එරෙහි තරගාවලියේදී කණ්ඩායමට කැඳවීමට ඇති ඉඩ විශාලයි.මතීශ පතිරණ ද එම තරගාවලියේ දස්කම් මත අනිවාර්යෙන් කණ්ඩායම තුළ රැඳෙනු ඇතැයි විශ්වාස කළ හැකි නමුත්,ඔහු විශ්වාස කළ නොහැකි තරමට වයිඩ් පන්දු යැවීම මේ තරගාවලියේදී අඩු කර ගැනීමට කටයුතු කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශයින් වැදගත් කරුණක් වෙනවා නිසැකයි.


කෙසේ නමුත් වනිඳු මේ මොහොතේ පන්දු යවන්නෙක් ලෙස මෙන්ම ප්‍රහාරාත්මක පිතිකරුවෙක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශයින් වැදගත් ක්‍රීඩකයෙක් වන අතර තරග දෙකකට ඔහු නැතිව නායකත්වයේ වගකීම පැවරෙන චරිත් අසලංකට,නායකත්වයට වඩා මේ මොහොතේ කණ්ඩායමේ සිටින හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා මෙන්ම ලකුණු අතර ඉදිරියෙන්ම සිටින පිතිකරුවා අහිමිවීම පීඩනයක් වනු ඇත.එම හිස්තැන නොදැනෙන්නට පියවීම මේ මොහොතේ සංචිතයේ සිටින සියලු ක්‍රීඩකයින්ට පැවරි ඇති වගකීම වන අතර,පිටියේ එකළොස් දෙනා අතරට එක් වුව ද,නැති වුව ද,කණ්ඩායම වෙනුවෙන් තමන් අවශ්‍යය කරන කාරණය සියයට සියයක් ලබා දීම මේ මොහොතේ ලබා ගෙන තිබෙන ජයග්‍රාහී රිද්මය පවත්වාගෙන යාමට අතිශයින් වැදගත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...