එක්සත් ජනපද සෙනෙට් සභාවේ රිපබ්ලිකන් නායක ධූරය වෙනුවෙන් ජෝන්වරු අතර තරඟයක්

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 29,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද සෙනෙට් සභාවේ රිපබ්ලිකන් නායක ධූරයෙන් තමා නොවැම්බර් මාසයේදී ඉවත් වීමට නියමිත බව මිච් මැක්කොනෙල් නිල වශයෙන් නිවේදනය කිරීමත් සමඟ දකුණු ඩැකෝටා හි බලවත් අරමුදල් සම්පාදකයෙකු සහ පළපුරුදු දේශපාලන චෙස් ක්‍රීඩකයෙකු ලෙස ගෞරවයට පාත්‍ර වී සිටින සෙනෙට් සභික ජෝන් තුනේ, 2013 සිට 2019 දක්වා රිපබ්ලිකන් කසකරු ලෙස කටයුතු කළ ටෙක්සාස්හි ජෝන් කෝනින් සහ වයෝමිං හි විකලාංග ශල්‍ය වෛද්‍යවරයකු වන ජෝන් බැරාසෝ අතර තරඟයක් ඇතිව ඇති බව වාර්තා වේ.

82 හැවිරිදි මිච් මැක්කොනෙල් පසුගිය සතියේ නිල වශයෙන් එන නොවැම්බරයේ තමා ධුරයෙන් ඉවත්වන බවත්, ඊළඟ පරම්පරාවේ නායකත්වය සඳහා මෙය කාලය බවත් ප්‍රකාශ කර තිබිණි.

ඔහු වසර 17කත ආසන්න කාලයක් එක්සත් ජනපද ඉතිහාසයේ දීර්ඝතම කාලයක් සේවය කළ සෙනෙට් නායකයා වූ අතර මේ වන විට ඔහු විවිධ සෞඛ්‍ය ගැටළු වලින් පිඩා විඳිමින් සිටියි.

 #OUTBOUNDTODAY.COM #mainslider #එක්සත් ජනපදය #outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...