විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල අදත් වැඩ නෑ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 29 කොළඹ (LNW): වැටුප් විෂමතා ගැටලුව මුල් කර ගනිමින්, විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අදත් සංකේත වැඩ වර්ජනයක නිරත වනු ඇත.

පසුගිය කාලයේද විශ්විද්‍යාල අධ්‍යන අනධ්‍යන සේවකයින් විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගයන්වල නිරත වූයේ, පවතින ආර්ථික වතාවරණය තුළ වැටුප් වැඩි කරන්නැයි ඉල්ලමිණි.

පසුගිය දා විශ්වවිද්‍යාල අධ්‍යන කාර්යමණ්ඩල වලට පමණක් අධ්‍යන දීමනා වැඩි කිරීමට රජය පියවර ගත් අතර, විශ්වවිද්‍යාල විධායක නිලධාරී සංගමයේ අනුශාසක සම්පත් උදයංග මහතා පැවසුවේ, සති 2ක් තුළ මේ සම්බන්ධයෙන් විසඳුමක් නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදුවන බවයි.

ගැටලු විසඳන ලෙස ඉල්ලා ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළේ ඊයේ දිනයේ වන අතර, වර්ජනය හේතුවෙන් රටපුරා රජයේ විශ්වවිද්‍යාලවල කටයුතු අඩාල වූ අතර තවත් ස්ථාන කිහිපයක ඊයේ විරෝධතා ද පැවැත්වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසූ බව කී පිට්ටනියේ ගැසූ පාපන්දුවල ජයග්‍රහණ සෝන්ඩර්ස්ට සහ මුතුවැල්ලට

නිශ්මං රණසිංහ ජනවාරි 05, කොළඹ LNW: බසනාහිර පළාත් පාපන්දු සම්මේලනය...

වෙනිසියුලාවේ තවත් ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

රෂිකා හෙන්නායක ජනවාරි 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ මධුරෝ...

Muscat Festival ශ්‍රී ලංකාව වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඕමානයේ සිට නිවාඩු...