සුපිරි නළු­වකුගේ නිවසින් තුවක්කු 72ක් සහ  ජීව උණ්ඩ 3000කට වැඩි ප්‍රමා­ණ­යක් සොයා ගනී!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 29 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ  සින­මාවේ හිටපු සුපිරි නළු­වකු වන ඇලේන් (Alain Delon) ඩෙලෝන්ගේ නිවෙ­සින් තුවක්කු 72ක් සහ  ජීව උණ්ඩ 3000කට වැඩි ප්‍රමා­ණ­යක් සොයා ගත් බව එරට පොලි­සිය ප්‍රකාශ කර ඇතැයි  වාර්තා වේ.

විදෙස් මාධ්‍ය සඳ­හන් කළේ, පැරිස් නුවර සිට කිලෝ­මී­ටර් 135ක් දුරින් පිහිටි මොන්ට්කෝ­බොන්  පළාතේ ඩෙලෝන්ගේ නිවෙ­සට යාබ­දව ඉදිකර තිබූ වෙඩි තැබීම් පුහු­ණු­වීමේ ස්ථාන­යක් ද  සොයා­ගෙන ඇතැයි වැඩි­දු­ර­ටත් වාර්තා වේ. 88 හැවි­රිදි මේ සිනමා නළු­වාට  තුව­ක්කු­වක් භාවිත කිරී­මට හෝ ළඟ තබා ගැනී­මට කිසිඳු අව­ස­ර­ප­ත්‍ර­යක් නැති බවයි.

ප්‍රංශ සින­මාවේ ස්වර්ණ­මය යුග­යේදී අති­ශය  ජන­ප්‍රිය තරු­වක් බවට පත්ව සිටි ඩෙලොන්ගේ නිවෙස සෝදිසි කිරී­මට අධි­ක­රණ නියෝග  ලැබී තිබූ අතර, ඔහුට විරු­ද්ධව නඩු පව­රනු ඇතැයි වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...