මිනිස් ජීවිත එක්ක සෙල්ලම් නොකර පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම හරිහැටි බලාත්මක කරන්න – සජිත්

Date:

මෙරට දළ දේශීය නිෂ්පාදනයට 50%ක් සහ රැකියා නියුක්තියට 52% කට වැඩි දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සහ ව්‍යවසායන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වසර ගණනායක් පුරා පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් හඬ නැගූ බවත් එහිදී පරාටේ නීතිය හරහා සිදුවන අසාධාරණයට එරෙහිව අවස්ථා ගණනාවකදී රජය දැනුවත් කළ බවත් එහිදී බැංකු පද්ධතිය ආරක්ෂා වන ආකාරයට පරාටේ නීතියට තාවකාලික විරාමයක් ලබා දෙන ලෙස රජයෙන් සිදු කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර ලෙස දෙසැම්බර් මස වන තුරු පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළත් රජය ගත් ඒ තීන්දුවට බැංකු පද්ධතිය ප්‍රතිචාර දක්වා නොමැති බවක් පෙනෙන්නට ඇති බවත් තවමත් ව්‍යාපාර වෙන්දේසි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රජය පරාටේ නීතිය තාවකාලිකව අහෝසි කළ බව බැංකු පද්ධතිය දැනුවත් කලේද සහ බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම සදහා පියවර ගත්තේද කියා ප්‍රශ්න කර සිටින බවත් රජය පරාටේ නීතිය අහෝසි කළත් අදටත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර අදටත් වෙන්දේසි වන බවත් ඒ සම්බන්ධ දැන්වීම් පුවත්පත්හි පළ වන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රජය යම් තින්දුවක් ගත්තෙ නම් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ බලය රජයට ඇති බවත් එසේ ක්‍රියාත්මක කරන්න බැරි නම් රජයේ ක⁣ශේරුකාව ශක්තිමත් නැති බවත් එමනිසා වහාම මෙම තීන්දුව සම්බන්ධයෙන් නිසි රාජ්‍ය සහ පෞද්ගලික මූල්‍ය ආයතන දැනුවත් කර එය රටේ ප්‍රතිපත්තියක් බවට පත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එසේම රජ⁣ය එසේ කටයුතු නොකරන්නේ නම් මෙයත් හුදු දේශපාලන නාටකයක් ලෙස සැලකීමට සිදුවන බවත් එම නිසා මේ ⁣ මැතිවරණ වසරේ මිනිසුන්ගේ ජීවිත සමග සෙල්ලම් නොකර මෙය බලාත්මක කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...