UN

1714 POSTS

Exclusive articles:

ඖෂධත් හිගයි – ආනයනයට ඩොලර් නෑ !

ඖෂධ ආනයනය සඳහාා අවශ්‍ය ඩොලර් නිකුත් කිරීමට මහ බැංකුව කටයුතු නොකරන්නේ නම් අත්‍යවශ්‍ය ඖෂධ පවා ආනයනය කිරීම නතර කිරීමට සිදුවනු ඇති බව ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය පවසනවා. මේ වනවිටත් යම් යම් ඖෂධවල හිගයක් මතුව ඇති බව පෙන්වා දෙන එම සංගමය පවසන්නේ ආනයන කටයුුතු නතර කිරීමට සිදු වුවහොත් ඉදිරි මාස කිහිපය තුළ දැවැන්ත ඖෂධ හිගයක් රටතුල ඇතිවන බවයි.

ටොයෝටා සමාගමට සයිබර් ප්‍රහාරයක්

ජපානයේ ටොයෝටා මෝටර් රථ නිෂ්පාදන සමාගමේ මෝටර් රථ නිෂ්පාදන කටයුතු ඇණහිට ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඊට හේතු වී තිබෙන්නේ අදාල සමාගමේ පරිගනක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ලවීමයි.

බන්ඩි පොහොර ටොන් 38,500 ක් ආනයනට කැබිනෙට්ටුවේ අනුමැතිය

යළ කන්නයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් හෙවත් බන්ඩි පොහොර ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 38,500 ක් ආනයනය කිරීමට නියමිතය.

එක රටක් එක නීතියක් කාර්යසාධක බලකායේ නිළ කාලය මාස 03 කින් දිගු කරයි

එක රටක් - එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිළ කාලය මාස තුනකින් දීර්ඝ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

යුක්රේන ජනපති ඝාතනයට පැමිණි චෙච්නියානු විශේෂ හමුදා කණ්ඩායමක් මරා දමයි

රුසියානු හමුදාවල සහායට පැමිණි චෙච්නියානු විශේෂ බළකා සෙබළුන් කණ්ඩායමක් මරා දැමීමට යුක්රේන හමුදා සමත් විය. මෙම හමුදා කණ්ඩායම යුක්රේනයේ හොස්ටොමල් නගරය ආසන්නයට පැමිණෙමින් සිටියදී යුක්රේන හමුදා ඔවුන් වෙත මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාර හමුවේ චෙච්නියානු හමුදා පැමිණි යුද ටැංකි 56 ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

Breaking

පුරන් කුඹුරු අක්කර 1000ක් අස්වැද්දිම සදහා සැලසුම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : මෙවර මහ කන්නයේ...

TASTY TUESDAYS – මේ මාගරීටා නොට් සෙනොරිටා! Italy on a Plate: Meet the Iconic Margherita Pizza!

සටහන – පුලී නොවැම්බර් 11, කොළඹ (LNW): Margherita Pizza යනු...

මැලේසියාවට එරෙහිව 5 – 0 ක ජයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණ...

වායු කැළඹීමෙන් වෙච්ච දේ – උතුරු වායුගෝලයේ වායු දුෂණය ඉහළට!

කොළඹ LNW: මෙරට උතුරු ප්‍රදේශයේ වායුගෝලයේ ස්වභාවය අහිතකර තත්ත්වයකට...
spot_imgspot_img