කටකතා

      ජනපතිගේ බලය අඩු කරන්න ගියොත් විශ්වාසභංගයට පක්ෂ වෙනවා – 8ක් අගමැතිට කියයි !

      ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ජනාධිපතිවරයාගේ බලතල අඩුකිරීමට උත්සාහ කළහොත් තමන් විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහාය පළකර ආණ්ඩුව බිඳවැට්ටවීමට කටයුතු කරන බවට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

      අලුත් කැබිනට්ටුවට එරෙහිව පරණ කැබිනට්ටුවෙන් කැරැල්ලක් !

      ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (18) දිනයේදී පත්කළ නව කැබිනට් මණ්ඩලය සහ එය පත්කළ ආකාරය පැරණි කැබිනට් මණ්ඩලයේ සිටි ඇමතිවරුන්ගේ ඉතාම දැඩි විවේචනයට ලක්ව ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

      හරීන්, මනූෂ ඇතුළු සජබ මන්ත්‍රී කණ්ඩායමකුත් ස්වාධීන වෙයි ??

      හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමකුත් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට සූදානම් වන බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.

      ගෝල්ෆේස් විරෝධතා භූමියේ වැසිකිළි සංකීර්ණයට මගේ නම දැමීම මට ඉමහත් ගෞරවයක් – පතිරණ

      ගෝල්ෆේස් විරෝධතා භූමියෙහි පිහිටුවා ඇති තාවකාලික වැසිකිළි සංකීර්ණය තමන්ගේ නමින් නම් කිරීම තමන් ලද ඉමහත් ගෞරවයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.

      පාර්ලිමේන්තුවේත් ඩොලර් හිඟයක් ?

      ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ආණ්ඩුවේ කුඩා පක්ෂ සන්ධානයත් ඇතුළුව මන්ත්‍රීවරුන් 41 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව නිවේදනය කිරීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ 113ක සරල බහුතරය පවා ගැටලුසහගත වී තිබේ.

      Popular

      spot_imgspot_img