දේශපාලන පුවත්

මහින්දානන්දත් ගොවීන් වෙනුවෙන් හඬනගයි – ගෙදර යන්න වෙයිද ගෙදර යන ගමන්ද ?

කාබනික ‍වගාව ප්‍රචලිත කිරීමේදී ගත් ඇතැම් ක්‍රියාමර්ග හේතුවෙන් ගොවි ජනතාවට බලවත් අසාධාරණයක් වූ බව කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තමන් පිළිගන්නා බව මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා.

මෙහෙම ගමනක් යන්න බෑ, මෛත්‍රී ගැන තීන්දුවක් ගන්න – පොහොට්ටු පසුපෙළ ප්‍රසිද්ධියේ ඉල්ලයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපය අනුව තවදුරටත් එම පක්ෂය සමග එක්ව ගමනක් යෑමට නොහැකි හෙයින් ඒ පිළිබඳව තීන්දුවක් ගන්නැයි තම පක්ෂ නායකත්වයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම පවසයි.

පාස්කු බෝම්බය මගේ ඇඟේ ගහන්න හදනවා. මටත් වෙලාවක් එයි, එදාට ඒ ගැන කියන්නම් – මෛත්‍රී (VIDEO)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව සිරගත කිරීමට ඇතැමුන්ට වුවමනා වී ඇති බවත් පාස්කු කොමිසම සම්බන්ධයෙන් තමන් සුදුසු අවස්ථාව පැමිණි විට කතා කරන බවත් හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනපති මෛත්‍රී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ?

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාව ඉදිරියේදී අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ආරංචිමාර්ග පවසයි.

ජොනීට අයත් සියලු ආයතනවල ප්‍රධානීන්ට ඉල්ලා අස් වෙන්නැයි නියෝග

මහාමාර්ග අමාත්‍යංශය යටතේ පවති රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් වන්නැයි දැනුම් දී තිබෙනවා.

Popular

spot_imgspot_img