දේශපාලන පුවත්

අපේ ප්‍රතිපත්ති ගැළපෙන්නේ නැත්නම් තීරණයක් ගන්න – මෛත්‍රීගේ ආණ්ඩු විරෝධයට අදත් SLPP යෙන් ප්‍රතිචාර (VIDEO)

මෛත්‍රීපාල සිරිසේන මහතා යනු වරක් ආප්ප කා ආප්ප දිරවීමටත් පෙර කළ දේවල් ගැන දන්නා හෙයින් පැහැදිලිවම කීමට ඇත්තේ වැරදි ලෙස විවේචනය කිරීම නතර කර තීන්දුවක් ගෙන එම තීන්දුව අනුව කටයුතු කරන ලෙස යැයි කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ඉවසලා ඉන්න කන්න දෙක තුනක් ගියාට පස්සෙ කාබනික ගොවිතැන සාර්ථක වෙනවා සත්තයි ! – මහින්දානන්ද

කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ආරම්භ කළ වැඩපිළිවෙල ක්‍රමවත් අධ්‍යයනයකින් පසුව ආරම්භ කළ වැඩපිළිවෙලක් බවත්, ශ්‍රී ලංකාව ලෝකයේ කාබනික ගෙවත්ත බවට පත් කිරීම එහි අරමුණ බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා.

ලොක්කන්ට දැන් අපිව අමතකයි – ජොනී සමග උරණ වූ ධනසිරිගෙන් ආඩපාලියක්

කෝටි ගණන් වියදම් කරගෙන, ඡන්ද හිඟමනේ ගොස් මහන්සි වී ආණ්ඩුවක් පිහිටවූ පසුව ආණ්ඩුවේ ලොක්කන්ට තමන්ව අමතක වී ඇති බවත් එය ඉතාම කණගාටුවට කරුණක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිවල ආසන සංවිධායක ධනසිරි අමරතුංග මහතා පවසයි.

කලකට පසු රනිල්ගෙන් “ගැලපෙන” වැඩක් …

හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 08 වනදා ලයනල් වෙන්ට්ඩ් රඟහලේ වේදිකා ගතවූ වේදිකා නාට්‍යයක් නැරඹීමට ගොස් තිබිණි.

තැන් තැන්වල කියවන්නේ නැතුව යනවා නම් ආණ්ඩුවෙන් යන්න – නාමල් ශ්‍රීලනිපයට කෙළින්ම කියයි (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වත්මන් රජයේ ප්‍රතිපත්ති නොගැලපේ නම් ඔවුන් තැන් තැන්වල කියවමින් නොසිට ගෞරවාන්විතව ආණ්ඩුවෙන් ඉවත්ව යායුතු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Popular

spot_imgspot_img