29 වැනි විදර්ශන සැමරුමට සමගාමීව ගණනාත් ඔබේසේකර ප්‍රත්‍යක්ෂප්‍රමාණ ශාස්ත්‍රීය උපහාර කලාපය සමඟ කෘති 6ක් එළිදකී!

කොළඹ LNW: විදර්ශන ප්‍රකාශන 29 වන සැමරුම නිමිති කරගෙන සම්මානිත මහාචාර්ය ගණනාත් ඔබේසේකර ප්‍රත්‍යක්ෂප්‍රමාණ ශාස්ත්‍රීය උපහාර කලාපය දොරට වැඩුම ඊයේ (03) මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විය.

රංජිත් පෙරේරා සහ ආචාර්ය ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස් විසින් සංස්කරණය කරන ලද එම ශාස්ත්‍රීය සඟරාවේ විශේෂ කලාපය එලෙස එළිදැක්වීම සිදුවිය.

එහි ප්‍රධාන දේශනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය කාලිංග ටුයුඩර් සිල්වා මහතා විසන් සිදුකරන ලදී.

මේ අතර මෙම විදර්ශන සැමරුමට සමගාමීව තවත් ශාස්ත්‍රීය කෘති ඇතුළු කෘති 6ක් එළිදැක්වීම සිදුකරන ලදී.

සුනිල් විජේසිරිවර්ධනගේ සෝවියට් නූතනත්වය සහ ප්‍රති – සිනමාව,නන්දන වීරසිංහගේ අනිත්‍යතා සෞන්දර්ය,ඉෂංඛ මල්සිරිගේ ශ්‍රී ලාංකේය බෞද්ධ ආරාමික පුරාවිද්‍යාව,ලක්ශාන්ත අතුකෝරළගේ සමවැහි රේඛාව, ශ්‍රීලානි ප්‍රනාන්දුගේ පරිවර්තන කෘතියක් වන ඉනික්බිති පැමිණියේ අඳුරු සමයයි සහ මානෙල් කරුණාතිලකගේ පරිවර්තන කෘතිය යන කෘති එළිදක්වන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව තර කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...