Tag: ණය පැහැර හැරීම

Browse our exclusive articles!

ණය පැහැර හැරීමේ තීන්දුව මේ තුන්කට්ටුව ගත්තේ කාගේ අනුමැතිය ඇතිවද ?

ඉතිහාසයේ පළමු වරට විදේශ ණය නොගෙවා පැහැර හැරීම සඳහා ශ්‍රී ලංකාව පසුගිය 12 වනදා ගත් තීරණය කැබිනට් අනුමැතියක් තබා කිසිදු කැබිනට් පත්‍රිකාවක් හෝ කැබිනට් සාකච්ඡාවකින් තොරව ගත් එකක් බව ආරංචිමාර්ග පවසයි.

ණය පැහැර හැරීමේ අවදානම තේරුණේ එක්සත් ජාතික පක්ෂයට පමණද ?

ශ්‍රී ලංකාව විදෙස් ණය සහ පොළී වාරික ගෙවීම අත්හිටුවන බවත් ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව නැත්තටම නැතිවී ගොස් ඇති බවත් රජය අප්‍රේල් 12 වනදා නිවේදනය කළේය. එසැණින්ම ඊට ප්‍රතිචාර දක්වමින් ඒ පිළිබඳව නිවේදනයක් හෝ නිකුත් කළේ එක්සත් ජාතික පක්ෂය පමණි. එජාපයට පාර්ලිමේන්තුව තුළ ඇත්තේ එකම ආසනයක් පමණක් වන අතර එය නියෝජනය කරන්නේ හිටපු අග්‍රාමාත්‍යවරයා ය. ඊට වඩා විශාල පාර්ලිමේන්තු ආසන ගණනක් සහිත රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනෙකු පක්ෂ හෝ එම දිනය තුළ ඒ සම්බන්ධයෙන් කිසිවක් කියන ආකාරයක් දක්නට ලැබුණේ නැත.

නන්දලාල් මහත්තයෝ, මෙච්චර හරියක් කරගත්තේ ඩොලර් මිලියන 78කටද ?

ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ විදෙස් ණය ආපසු ගෙවීමේ හැකියාව නැත්තටම නැතිවී ගොස් ඇති බවකි. අප්‍රේල් 18 වැනි දිනට ගෙවීමට ඇති ණය මුදලක් ඇති බවත් එය පෙර දැනුම්දීමකින් තොරවම නොගෙවා පැහැර හැරියහොත් ප්‍රතිඵල වඩාත් නරක වියහැකි නිසා මෙසේ ණය ගෙවීම් අත්හිටුවීමට තීරණය කළේයැයි නිවේදනය කළ බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය.

ණය පැහැර හැරීමේ තීරණය ගැන එජාපය කණගාටුව පළකරයි. තේරීම් කාරක සභාවකුත් ඉල්ලයි

සියලුම විදේශ ණය ආපසු ගෙවීම් පැහැර හරින බවට රජය විසින් කළ නිවේදනය සම්බන්ධයෙන් කණගාටුව පළකරමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.

Popular

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ පහර දීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවක්!(PHOTOS)

කොළඹ LNW:ජනවාරි 29 වන දින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින්...

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

Subscribe

spot_imgspot_img