*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

රටක් ලෙස නැවත නැගී සිටීම සඳහා අධිෂ්ඨානශීලී නව වසරකට සුබ පැතුම් ! – සජිත්

රටක් ලෙස නැවත නැගී සිටීමේ උදාර අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීම වෙනුවෙන් සමස්ථ ශ්‍රී ලාංකේය ආදරණීය ජනතාවටම ජවය ශක්තිය සහ ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමස්ත ජනතාව වෙත නව වසරේ සුබ පැතුම් එක් කරමින් ඒ මහතා නිකුත් කළ පණිවිඩය පහතින් දැක්වේ.


අධිෂ්ඨානශීලී නව වසරකට සුබ පැතුම් !

ජයග්‍රහණවලට වඩා රටක් ලෙස, පරාජයන් මෙන්ම අහිමිවීම් සහ වේදනාවන් රැසක් අත්විඳි වසරක් නිමාවී නව වසරක් උදා වන මේ මොහොතේ ශ්‍රී ලාංකේය පුරවැසි සියලු දෙනාට සුභ නව වසරක් ප්‍රාර්ථනා කරමු.

හෘද සාක්ෂියට එකඟව හර්දයාංගම සුබපැතුමක් පතනවා හැරුණුකොට මේ මොහොතේත් පීඩාව සහ දුක් දොම්නස් අත්විඳිමින් සිටින ශ්‍රී ලාංකේය ජනතාවට ව්‍යාජ සුරංගනා ලෝකයක් පිළිබඳව හිස් ප්‍රාර්ථනාවන් කිරීමම රටේ ජනතාවට කරනු ලබන නිගාව කැයි අප විශ්වාස කරමු.

කොරෝනා ව්‍යසනය මැද පහළොස් දහසකට ආසන්න පුරවැසි පරපුරක් අහිමි වූ තත්ත්වයක් තුළ, චිරාත් කාලයක් මුලුල්ලේ සුපුරුදු පරිදි නව වසරේ පළවෙනි දාට ඉගෙන කිරිබත හෝ පිස ගන්නට නොහැකි තරමට ආර්ථිකය බංකොලොත් වූ තත්ත්වයක් තුළ, කොයි මොහොතක හෝ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාවිදැයි සිතා ගන්නට නොහැකිව දෙගිඩියාවෙන් ගෘහනියන්ට මුළුතැන්ගෙට යන්නට සිදුව ඇති තත්ත්වයක් තුළ, රට සතුව පවතින අවසාන සංචිත පවා අහිමි වී නව වසර ආරම්භයේදීම දැවැන්ත ණය වාරිකයක් එතෙරට ගෙවීමට නියමිතව ඇති තත්ත්වයක් තුළ, කුසගින්න දරාගන්නට නොහැකිව හඬා වැලපෙන සහ මන්දපෝෂණය මෙන්ම අඩු බර උපත් දරුවන් සංඛ්‍යාත්මකව ඉහළ ගිය තත්ත්වයක් තුළ ද, අධ්‍යාපනය පවා කඩා වැටී දූ දරුවන්ගේ අනාගතය පිළිබඳව බරපතළ ප්‍රශ්න ප්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගතව ඇති වටපිටාවක් තුළ ද,තරුණ පරපුර රැකියා අහිමිව අනාගතය පිළිබඳව අපේක්ෂා භංගව ජීවත්වන තත්ත්වයක් තුළ ද, ගොවි ජනතාව සිය පාළු වූ කෙත් වතු දෙස සුසුම් හෙළමින් සිටින තත්වයක් තුළ ද, සකලවිධ කම්කරු ප්‍රජාව තමන්ට හිමි අවම වරප්‍රසාදය පවා අහිමිව ගිය තත්ත්වයක් තුළ ද අප නව වසරට මුහුණ දෙමින් සිටිමු.

මේ තීරණාත්මක තත්ත්වයට මුහුණ දිය හැක්කේ බල න්‍යාය පත්‍රය ස්වකීය අතේ රඳවාගෙන නොවන බවත්, ඒ වෙනුවට කළ යුත්තේ සාමූහික ප්‍රයත්නයකින් මේ ගරාවැටුණු තත්ත්වයෙන් රට ගොඩනැගීම බවත් අපි යළි යළිත් අවධාරණය කරමු.

මේ රටේ පුරවැසි පරම්පරාවේ නාමයෙන් අපි නැවත ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මේ ජාතික ව්‍යසනකාරී මොහොතේ පටු බල උන්මාදය වෙනුවට නිරහංකාර ජනතාවාදී වැඩපිළිවෙලකට අවතීර්ණ වන ලෙසය.

විවිධ ව්‍යසනයන්ට මුහුණ දෙමින් ලෝකයේ විවිධ රටවල් නැවත අළු දූලි මතින් නැගී සිටි ආකාරය සිහිනුවණින් කල්පනා කළ යුතු කාලය එළඹ ඇති අතර මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් ඉක්මවන ජනතාවගේ සහ මතු පරම්පරාවේ, නාමයෙන් වගකීම් සහගතව කටයුතු කිරීමෙහි පරම අවස්ථාව එළඹ තිබෙන බව අප යළිත් සිහිපත් කරමු.

අභාග්‍යසම්පන්න කාලසමයක් තුල සකල ලෝකවාසීන්ටම අලුතින් සිතිය යුතු පාඩම සොබාදහම විසින් ද නිහඩවම කියාදී ඇති අතර, ඒ සියල්ල පිළිබඳව අධිෂ්ඨානශීලීව කල්පනා කරමින් අලුත් අවුරුද්ද අලුත් ආරම්භයක හැඟීම් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් පරිවර්තනය කරගත යුතු යැයි අපි විශ්වාස කරමු.

රටක් ලෙස නැවත නැගී සිටීමේ උදාර අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීම වෙනුවෙන් සමස්ථ ශ්‍රී ලාංකේය ආදරණීය ජනතාවටම ජවය ශක්තිය සහ ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

  • සජිත් ප්‍රේමදාස

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan