ජපානයේ උතුරු මැද ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 7.6 ක භූමිකම්පාවක්! සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 01 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (01) උදෑසන ජපානයේ උතුරු මැද ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 7.6 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇතිව තිබෙන බව NHK වාර්තා කරයි.

ඒ, අනුව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය බටහිර වෙරළබඩ ප්‍රදේශ වන ඉෂිකාවා, නීගාටා සහ ටොයාමා ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව වාර්තා වේ,

කාලගුණ ඒජන්සියට අනුව, මීටර් 5 ක් දක්වා උසැති සුනාමිය ඉෂිකාවා ප්‍රාන්තයේ නෝටෝ වෙත ළඟා වනු ඇතැයි විශ්වාස කෙරෙන අතර, ඉෂිකාවා ප්‍රාන්තයේ වජිමා නගරයේ වෙරළට මීටර් 1 කට වඩා උස රළ පහර වැදී ඇති බව NHK වැඩි දුරටත් වාර්තා කර තිබේ.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව මීටර් පහක් දක්වා උසැති සුනාමි රළ නෝටෝ වෙත ළඟා වනු ඇතැයි විශ්වාස කරන අතර, ටෝකියෝ අගනුවර අවට ප්‍රදේශයේ ගොඩනැගිලි කම්පනයත් සමඟ පැද්දෙන්නට වූ බව සදහන්වේ.

ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදීම කල්යයි!

කොළඹ LNW:ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර...

හොරු ඇල්ලීමේ නොදකින පැත්ත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ ආණ්ඩුව කරන වැඩවලින් සෑහෙන පමණ සාර්ථකත්වයක්...

අමෙරිකාව බලා පිටත්ව යාමට සැරසෙන ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW: ලබන සැප්තැම්බර් 24 වැනිදා...

ස්වාභාවික ලෝකයේ මායාව විදහා දක්වන ග්ලෙන් නොයර් ගේ කුරුළු රූපකරණය!

සටහන – පුලී අගෝස්තු 11, කොළඹ (LNW): විශ්මය ජනක අන්දමේ කුරුළු...