කාන්තාවන්ට පමණක් වෙරළ තීරයක් විවෘත කිරීමට ගත් තීරණය රිවස් කරයි

Date:

කාන්තාවන්ට පමණක් වෙරළ තීරයක් විවෘත කිරීමට බංග්ලාදේශයේ බලධාරීන් ගත් තීරණය නැවත වෙනස් කර තිබේ.පසුගිය බ්‍රහස්පතින්දා එරට බලධාරීන්, කාන්තාවන් සහ ළමුන් සඳහා කොක්ස් බසාර් හි මීටර් 150 (අඩි 492) කොටසක් විවෘත කර කරන්ට විය.

නමුත් පැය කිහිපයකට පසුව ඔවුන් එම තීරණය කරන බවට නිවේදනය කළහ.එරට බොහෝ කාන්තාවන්ගේ ඉල්ලීම් අනුව මෙම වෙරළ තීරය වෙන් කිරීමට තීරණය කර ඇති බව බලධාරීන් සඳහන් කරන්නට විය.

බංග්ලාදේශය මුස්ලිම් බහුතරයක් සිටින රටක් වන අතර එය බොහෝ දුරට ගතානුගතිකව සිරිත්විරිත්මත පවතී.“කාන්තාවන් මෙසේ තමන් වෙනුවෙන්ම වෙන්වූ වෙරළ තීරයක් ඉල්ලා සිටියේ, සෙනඟ ගැවසෙන ස්ථානවල අපහසුතාවයක් සහ අනාරක්ෂිත බවක් දැනුණු නිසා” යැයි කොක්ස් බසාර් හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විදෙස් මාධ්‍යයට සඳහන් කරන්නට විය.පසුගිය සතියේ කොක්ස් බසාර් හි කාන්තාවක් සමූහ දූෂණයකට ලක් කිරීමේ පුවතක් නිසා එරට කම්පනයට පත් විය.

පසුව එම ප්‍රදේශයේ කාන්තා ආරක්ෂාව පිළිබඳ විරෝධයක් ගොඩනැගීමෙන් පසුව මෙසේ වෙරළ තීරයක් වෙන් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.එහෙත් එම තීරණය සමාජ මාධ්‍ය තුළ කැළඹීමක් ඇති කළේය.රැකියා ස්ථාන සහ කර්මාන්තශාලා තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සාධාරණතාවය ඉල්ලා මෑතකදී දැවැන්ත රැලි පැවැත්විණි.බංග්ලාදේශයේ කොක්ස් බසාර් යනු ලොව දිගම ස්වභාවික මුහුදු වෙරළ වන අතර රටේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි.

උත්සව කාලවලදී ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම ප්‍රදේශයට පැමිණෙන අතර මෑත වසරවලදී සංචාරක ක්ෂේත්‍රයට එය ප්‍රධාන තැනක්ගනී.

Sahan Hewagamage – Outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...