කාන්තාවන්ට පමණක් වෙරළ තීරයක් විවෘත කිරීමට ගත් තීරණය රිවස් කරයි

Date:

කාන්තාවන්ට පමණක් වෙරළ තීරයක් විවෘත කිරීමට බංග්ලාදේශයේ බලධාරීන් ගත් තීරණය නැවත වෙනස් කර තිබේ.පසුගිය බ්‍රහස්පතින්දා එරට බලධාරීන්, කාන්තාවන් සහ ළමුන් සඳහා කොක්ස් බසාර් හි මීටර් 150 (අඩි 492) කොටසක් විවෘත කර කරන්ට විය.

නමුත් පැය කිහිපයකට පසුව ඔවුන් එම තීරණය කරන බවට නිවේදනය කළහ.එරට බොහෝ කාන්තාවන්ගේ ඉල්ලීම් අනුව මෙම වෙරළ තීරය වෙන් කිරීමට තීරණය කර ඇති බව බලධාරීන් සඳහන් කරන්නට විය.

බංග්ලාදේශය මුස්ලිම් බහුතරයක් සිටින රටක් වන අතර එය බොහෝ දුරට ගතානුගතිකව සිරිත්විරිත්මත පවතී.“කාන්තාවන් මෙසේ තමන් වෙනුවෙන්ම වෙන්වූ වෙරළ තීරයක් ඉල්ලා සිටියේ, සෙනඟ ගැවසෙන ස්ථානවල අපහසුතාවයක් සහ අනාරක්ෂිත බවක් දැනුණු නිසා” යැයි කොක්ස් බසාර් හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විදෙස් මාධ්‍යයට සඳහන් කරන්නට විය.පසුගිය සතියේ කොක්ස් බසාර් හි කාන්තාවක් සමූහ දූෂණයකට ලක් කිරීමේ පුවතක් නිසා එරට කම්පනයට පත් විය.

පසුව එම ප්‍රදේශයේ කාන්තා ආරක්ෂාව පිළිබඳ විරෝධයක් ගොඩනැගීමෙන් පසුව මෙසේ වෙරළ තීරයක් වෙන් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.එහෙත් එම තීරණය සමාජ මාධ්‍ය තුළ කැළඹීමක් ඇති කළේය.රැකියා ස්ථාන සහ කර්මාන්තශාලා තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සාධාරණතාවය ඉල්ලා මෑතකදී දැවැන්ත රැලි පැවැත්විණි.බංග්ලාදේශයේ කොක්ස් බසාර් යනු ලොව දිගම ස්වභාවික මුහුදු වෙරළ වන අතර රටේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි.

උත්සව කාලවලදී ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම ප්‍රදේශයට පැමිණෙන අතර මෑත වසරවලදී සංචාරක ක්ෂේත්‍රයට එය ප්‍රධාන තැනක්ගනී.

Sahan Hewagamage – Outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...