පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අකුරණදී ඊයේ (01)) ආරම්භ කෙරිණි.

අකුරණ සිට දෙල්ගස්තැන්න දක්වා වූ මාර්ගයේ කිලෝමීටර් 1.7ක කොටසක් සංවර්ධනය කිරීම මේ යටතේ ආරම්භ වූ අතර එම මාර්ගය සංවර්ධනය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 66කි.

පුනරුදයට මඟ වැඩසටහන යටතේ රුපියල් මිලියන 24 000ක මුදලක් මෙම වර්ෂයේදී වෙන් කොට ඇති බවත් ඒ යටතේ අද දින මාර්ග 76ක සංවර්ධන කටයුතු ආරම්භ කළ බව එම ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එහිදී පැවසුවේය. එම මාර්ග සඳහා පමණක් රුපියල් මිලියන 5100ක මුදලක් වෙන් කොට ලබාදී ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

මහා මාර්ග අමාත්‍යංශයට අයත් නොවන නමුත් එම අමාත්‍යංශයේ මූල්‍ය දායකත්වය සහ තාක්ෂණික සහය යටතේ මෙම මාර්ග සංවර්ධනය වන බවත් අනතුරුව ප්‍රාදේශීය සභාව හෝ එම මාර්ග අයත් ආයතනය වෙත මාර්ගය නෛතිකව භාර දෙන බව ද ඒ මහතා කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රියාස් ෆාරුක් මහතා, තනුර දිසානායක මහතා අකුරණ ප්‍රාදේශීය ලේකම් රුවන්තිකා හෙන්නායක මහත්මිය ඇතුළු මහජන නියෝජිතයන්, නිලධාරීන් සහ මහජනතාව මෙම අවස්ථාවට සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...