කොළඹ LNW:කළුතර දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාස කිරීමේ චෝදනාව මත මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන තිබේ.
සමාජ මාධ්‍ය හරහා මන්ත්‍රීවරියට අපාහස වන අයුරින් අන්තර්ගත පළකිරීම හිටපු මන්ත්‍රීවරයාට එල්ලවන චෝදනාව වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශාන කොට්ඨාශය මඟින් එම අත්අඩංගුවට ගනිමසිදුකර ඇත.
හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි විසින් මන්ත්‍රීවරියට අපහාස වන අයුරින් මුහුණු පොතේ පළකර ලද අන්තර්ගතය ඔහු විසින්ම ඉවත් කිරීමටද කටයුතු කර තිබුණි.
ආශිකා බ්‍රාහ්මණ