අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 8.1% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

2026 ජුලි මාසයේදී මෙම අගය පැවතියේ 7.2%ක් වශයෙනි.

මෙහිදී ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමන අනුපාතය ජූලි මාසයේ පැවති 4.9% සිට අගෝස්තු මාසයේදී 6.6% දක්වා ඉහළ ගොස් ඇත.

එසේම ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමන අනුපාතය ජූලි මාසයේ පැවති 9.2% සිට අගෝස්තු මාසයේදී 9.3% දක්වා ඉහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අනෝජන්ගේ දෙමාපියන් විපක්ෂ නායක හමුවෙයි!

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු...