අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා මහතා පත් කරනු ලැබ ඇත.

අභියාචනාධිකරණයේ සභාපති ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ නලීන් රොහාන්ත අබේසූරිය මහතා 24වන දා දක්වා විදේශගත වන බැවින් එම ධුරයේ වැඩබැලීමට අදාළව මෙම පත්වීම සිදු කර තිබේ.

ඒ අනුව, මායාදුන්න කොරයා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (21) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...

අනෝජන්ගේ දෙමාපියන් විපක්ෂ නායක හමුවෙයි!

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු...