අපි කකුල් දෙපැත්තට තියාගෙන නැහැ. මොකද වෙන්නේ කියල ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි – දුමින්ද (VIDEO)

ලැජ්ජාව පසෙක තබා මේ වසරේදීවත් ආණ්ඩුව නිවැරදි තීන්දු ගත යුතුව ඇතැයි සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුවේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (03) නව වසර වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පසුගිය කාලය තුළ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ගත් තීන්දුව වැරදි තීන්දුවක් නිසා අද වන විට ආහාර හිඟයක් පවා ඇති වීමේ අවදානමක් පවතින හෙයින් එම තීන්දුව ආපස්සට ගන්නවද නැද්ද කියල හිතන්නේ නැතුව නිවරදි දේ කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේ.

එමෙන්ම සියලුම ගොවීන්ට වන්දි හිමිවිය යුතු බවත් දිසානායක මහතා සඳහන් කරන ලදී.

ආණ්ඩුව තුළ යම් යම් ප්‍රශ්න තිබුණද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීම ඉදිරි කාලයේදී ඉටුකරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...